Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

ද්විත්ව පුරවැසියන් රාජ්‍ය පාලනයට සම්බන්ධ කිරීමට එරෙහි වූ බෙංගමුවේ හිමි ජනාධිපතිගෙන් බැණුම් අහලා

විසිවන සංශෝධනයේ තිබූ ද්විත්ව පුරවැසිභාවය සම්බන්ධයෙන් වූ ගැටළුවේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා තමන් වහන්සේට දොස් පැවරූ බව පූජ්‍ය බෙංගමුවේ නාලක හිමියෝ සඳහන් කරති.

ඔවුන් කල්පනා කරන්නේ ඔවුන්ගේ මට්ටමෙන් මිස රටේ මට්ටමින් නොවන බවද පවසන උන්වහන්සේ ද්විත්ව පුරවැසිකම තබාගෙන මෙරට ඇමතිකම් අගමැතිකම් හෝ ජනාධිපතිකම් දරන්නේ මන්දැයි විමසති.

ද්විත්ව පුරවැසිභාවය සහිතව එම තනතුරු දැරීමෙන් ප්‍රයෝජනයක් වන්නේ රටට නොව අදාළ පුද්ගලයාට බවත් කිසියම් ප්‍රශ්නයක් වූ පසු වූ වහාම සිය රටට යා හැකි බවත් උන්වහන්සේ කියා සිටිති.

එබැවින් ද්විත්ව පුරවැසිකම සහිතව රටේ පාලන තන්ත්‍රයට සම්බන්ධ වීම බරපතළ වරදක් බවයි උන්වහන්සේ පවසන්නේ.

සිය විහාරස්ථානයේදී පැවැති මාධ්‍ය හමුවකදී එහිමියෝ මෙම අදහස් පල කරන ලදී.

About The Author