Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

“දර වගා කරුවන්” දිරිමත් වෙයි : බත් කන උන් වල්මත් වෙයි

දර මිටියටත් අපමණ අගයක් : සුපිරි ගණනකට සුපිරි වෙළඳසැල් වල රාක්කයට

දර මිටි ගණන් සුපිරි වෙළෙඳසැල් වල විකිණීමට තබා ඇති ආකාරය දිවයිනේ බොහෝ ප්‍රදේශ වල දක්නට ලැබෙනවා.

සාමාන්‍යයෙන් වර්ෂ අවසානයේත්, අලුත් අවුරුදු කාලවලත්, විශේෂ අවස්ථාවලත් ජනතාව කිරිබත් පිසීම, කිරි ඉතිරවීම ආදිය සිදු කරන නිසා මෙම මෙසේ දර හා මැටි වළං විකිණීම සාමාන්‍ය දෙයක් වුවද මේ වන විට දර මිටි සාමාන්‍ය ඉවුම් පිහුම් කටයුතුද ඉලක්ක කර ගනිමින් අලෙවියට තබා තිබෙන ආකාරය නිරීක්ෂණය කළ හැකියි.

රුපියල් 25 – 60 අතර මිලකට අලෙවි වු දර මිටියක් මේ වන විට අලෙවි වන්නේ රුපියල් 200-700 අතර මිල ගණන්වලටයි.

බොහෝ අවස්ථාවලදී බහුතර පාරිභෝගිකයන් භාවිතා කරන භාණ්ඩ මිල ඉහළ යන අවස්ථාවලදී පවතින ආණ්ඩු සඳහන් කරන්නේ මිල ඉහළ දැමීම සිදු කරනු ලැබුවේ අදාල පාරිභෝගික ‍ ද්‍රව්‍ය නිෂ්පාදනය කරන ගොවීන් සහ නිෂ්පාදකයින් ආරක්ෂා කර ගැනීම සඳහා බවයි.

ඒ අනුව මේ අවස්ථාවේදී ද පවතින ආර්ථික අර්බුදය හමුවේ දර වගාකරුවන්ගේ අතමිට සරු වෙතැයි රජයේ ඇතැම් මැති ඇමතිවරූ සහ මන්ත්‍රීවරුන් ප්‍රකාශ කළහොත් පුදුම වීමට දෙයක් නැහැ.

About The Author