Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

දප්පුල වෙනුවෙන් නිෂාරා දැරූ තනතුරත් අහෝසි කෙරේ

වහාම ක්‍රියාත්මක වන පරිදි නීතිපති සම්බන්ධීකරණ නිලධාරී තනතුර අහෝසි කර ඇතැයි එම දෙපාර්තමේන්තු ආරංචි මාර්ග සදහන් කරනවා.

ඒ නීතිපති දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ සොලිසිටර් ජනරාල් (පරිපාලන) චේතිය ගුණසේකර මහතාගේ අත්සනින් යුතුව ඉකුත් 31 වැනිදා නිකුත් කරන ලද චක්‍රලේඛයක් මගින්.

ඒ අනුව අදාළ තනතුර පිහිටවූ 2019 හි අංක 28 චක්‍රලේඛය වහාම ක්‍රියාත්මක වන පරිදි ඉවත් කළ බවත්, නීතිපතිවරයාට සම්බන්ධීකරණ නිලධාරියෙක් නොමැති බවත් ආදළ චක්‍රලේඛයෙහි දක්වා තිබෙනවා.

හිටපු නීතිපති දප්පුල ද ලිවේරා මහතාගේ නීතිපතිධූර කාලය තුළ ඔහුට පැවරී තිබෙන ව්‍යවස්ථාපිත බලය අනුව ඔහු විසින් සම්බධිකරණ නිලධාරි තනතුරක් ඇති කළ අතර එම ධූරයට රජයේ නීතීඥ නිශාරා ජයරත්න මෙනවිය පත් කරනු ලැබුවා.

ඒ අනුව ඇය වසර දෙකකට ආසන්න කාලයක් එම තනතුර්හි කටයුතු කර තිබෙනවා.

About The Author