ජාතික ලිංගාශ්‍රිත රෝග සහ ඒඩ්ස් මර්දන වැඩසටහනේ අධ්යක්ෂ වෛද්‍ය රසාංජලී හෙට්ටිආරච්චි වෛද්‍යවරිය තරුණ පිරිස් අතර ඒඩ්ස් වෛරස ව්‍යාප්තිය ඉහළ ගොස් ඇති බව පවසනු ලබයි. අවුරුදු 15ත් 30ත් අතර නව ආසාදිතයින් 53 දෙනෙකු මෙම වසරේ මේ දක්වා කාලය තුළ වාර්තා වී ඇති බව වෛද්‍යවරිය විසින් සදහන් කොට ඇත.
ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වූ වෛද්‍ය රසාංජලී හෙට්ටිආරච්චි මහත්මිය,
“තරුණ පරම්පරාව අතර එඩ්ස් ආසාදිතයින් වැඩිවීමක් දක්නට ලැබෙනවා. 2021 දී තරුණ ළමයි, ඒ කියන්නේ අවුරුදු 15ත් 30ත් අතර අයගේ 25ක් හිටියා. මේ අවුරුද්දේ 53ක් ඉන්නවා තරුණ ළමයි. මේ තරුණ ළමයින්ගේ මේ එඩ්ස් වැඩිවීමට ගොඩක්ම බලපාලා තියෙන්නේ කියලා අපි හිතන්නේ මේ ළමයි ගොඩක්ම Online හරහා ඉගෙන ගන්න ගිහිල්ලා එවත් එක්ක නොයෙකුත් ලිංගික සම්බන්ධ විඩියෝ බලලා ලිංගික උත්තේජනය ඇති වෙලා කියලා. තරුණ ළමයි කිව්වට තරුණ පිරිමි ළමයි තමයි වැඩි. 2022 දී තරුණ පිරිමි ළමයි 30ක් HIV පොසිටිව් වෙලා තියෙනවා. පළමු කාර්තු දෙකේ ජූනි වෙනකන්. වැඩියෙන්ම තියෙන්නේ කොළඹ, ගම්පහ, නුවර වගේ දිස්ත්‍රික්කවල” බව වැඩිදුරටත් සදහන් කරනු ලැබ තිබේ.
අත නොහැර කියවන තැන
ලසන්ත ඝාතනයේ සැකකරුවන් නිදහස් කිරීමෙන් ආණ්ඩුවත් අවුලක
රාජ්‍ය සේවයේ ගෙවීම් DIGITAL වේදිකාවකට මාරු කෙරේ
ආනන්ද විජේපාල දරන මහජන ආරක්ෂක ඇමති ධූරය සහ ඔහුගේ මන්ත්‍රී ධූරය අහෝසි කරන්නැයි පෙත්සමක්