හලාවත පොලිස් වසමේ කොක්කාවිල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු නිවස තුළ බිම වැටී මියගොස් ඇතැයි හලාවත පොලීසියට පැමිණිල්ලක් ලැබී තිබුණි.
ඒ අනුව විමර්ශන ආරම්භ කළ පොලීසිය මියගොස් ඇත්තේ 49 හැවිරිදි පුද්ගලයෙක් බවට අනාවරණය කරගෙන ඇත.
මියගිය පුද්ගලයා මානසික ආබාධයකින් පෙළෙමින් සිටි අයෙකු වන අතර ඔහුගේ පුතා විසින් එම පැමිණිල්ල සිදුකර ඇති බවත් පොලීසිය පැවසීය.
මෘත ශරීරය පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණය හලාවත රෝහලේ සිදුකර ඇති අතර එහිදී මරණකරුගේ ගෙල ප්‍රදේශයේ වූ කැපුම් තුවාලයක් තිබීම සම්බන්ධයෙන් සැක සහිත බවට අධිකරණ වෛද්‍ය නිලධාරියා විසින් ප්‍රකාශ කර ඇත.
ඒ අනුව මරණය සාහසික ක්‍රියාවක් ද නැතිනම් වෙනත් හේතුවක් මත මරණය සිදුව ඇත්දැයි සොයා පරීක්ෂණ ක්‍රියාත්මකය.
අත නොහැර කියවන තැන
සෙනඟ 3000 ක පැකේජයක් ලක්ෂ 45 – පක්ෂයේ පාටින් ඇඳුම් අන්දා එවයි
රනිල්ට උදව් කරන්නැයි ගෝටා මට කතා කර කිව්වා – මේ ගහන ගේම් ජනතාව හොදින් අවබෝධ කරගන්න
රනිල් කරපු දෙයක් නෑ – ඔහු මහා කුමන්ත්‍රණකරුවෙක් – රනිල්ගේ එකම ප්‍රතිපත්තිය “රනිල්” – 21 නාමල්ටත් පැරදිලා ගෙදරම යනවා