මෙරට උද්ඝෝෂණය කිරීමේ සංස්කෘතිය නියමාකාරයෙන් පෙන්වා ඇත්තේ ජනතා විමුක්ති පෙරමුණ බවත් එම නිසා කුඩා රැස්වීම් පවත්වා ජනතා විමුක්ති පෙරමුණ බියවැද්දිය නොහැකි බවත් ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා පවසනවා.
කොළඹ විහාර මහාදේවි උද්‍යානයේ පැවති ජනතා විමුක්ති පෙරමුණේ ඉල් මහ විරු සැමරුම අමතමින් ඒ මහතා මේ බව කියා සිටියා.
උද්ඝෝෂණය කිරීමේ සංස්කෘතිය මෙන්න පෙළපාලි යාම නියමාකාරයෙන් කර ඇත්තේ තම පක්ෂය බවත් ඒවා කිරීමෙන් ආණ්ඩුව බය කිරීමට ලෑස්ති නොවන මෙන් ඒ මහතා මෙහිදී කියා සිටියා.
ආණ්ඩුවට විරුද්ධව 5000ක් රැගෙන පෙළපාලි ගියහොත් එයට 50000ක් සමඟ පැමිණ පිළිතුරු දිය හැකි බවත් ටිල්වින් සිල්වා මෙහිදී කියා සිටියා.
තම පක්ෂයට ප්‍රතිපත්ති තිබෙනවා මෙන්ම සතුරන් සම්බන්ධයෙන්ද ප්‍රතිපත්ති ඇති බවත් කියා සිටි ඒ මහතා “අපි සතුරන්ට සමාව දෙන්නේ නෑ ඒක අපේ ප්‍රතිපත්තියක්” බවද මෙහිදී කියා සිටියා.


අත නොහැර කියවන තැන
පොලිසිය මාධ්‍යවේදියාගෙන් සමාව ගනී..
ගාල්ල මහ නගර සභාවේ උණුසුම් තත්ත්වයක්
“ඉවත් වෙනු” තිබුණත්, මෙරට අයිස් මත්ද්‍රව්‍ය භාවිතය ඉහළට