Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

ජොලී මී මැස්සන්ගේ සුරැකි මව බවට පත් වෙයි.

මී මැස්සන් බේරා ගැනීමට සහ කාන්තාවන් ව්‍යවසායකයින් බවට පත්කිරීමේ අරමුණින් දියත් කරන ලද “කාන්තාව සහ මීමැස්සෝ 2021” වැඩසටහනේ ‘ගෝඩ්මදර්’ වශයෙන් ඇන්ජලීනා ජොලී නම් කර තිබේ.

ගර්ලේන් නම් වූ සුවඳ විලවුන් නිපදවන ආයතනය සහ යුනෙස්කෝ සංගමය එක් වෙමින් සිදු කරගෙන යන මෙම වැඩසටහන දින 30ක කාලයක් පුරා දිවෙන අතර එම කාලය තුළ වැඩසටහනේ ම කොටසක් ලෙස කාන්තාවන් මී මැසි පාලකයන් ලෙස පුහුණු කිරීම සිදු වනු ඇත.

මේ වන විට ලොව පුරා යුනෙස්කෝ ජෛවගෝල රක්ෂිත 25ක් තුළ මී වද 2,500ක් ඉදිකර තිබේ. මී මැස්සන් මිලියන 125ක් ඉපැද්දවීම සඳහා කාන්තාවන් 50දෙනෙකු සම්බන්ධ කර ගැනීම වැඩසටහනේ දිගුකාලීන අරමුණ යි.

මෙම පුහුණුව ප්‍රංශ නිරීක්ෂණාගාරය (ඕ.එෆ්.ඒ.) විසින් අධීක්ෂණය කරනු ලබන අතර, සහභාගිවන්නන් විසින් තමන්ගේ ම මී මැසි පෙට්ටි පවත්වාගෙන යනු ඇත. ගොඩ්මදර් හෙවත් සුරැකි මව වශයෙන් ජොලීගේ භූමිකාව වන්නේ පුහුණුවන්නන් හමු වී ඔවුන්ගේ ප්‍රගතිය නිරීක්ෂණය කිරීම යි.

About The Author