Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

ජන ජීවිත අනාරක්ෂිතයි : ආණ්ඩුවේ තකතීරු වැඩ නිසා බාල ජාතියේ අනාරක්ෂිත නිෂ්පාදන ජනතාවට පරිභෝජනය කරන්න වෙලා

බොරුවට රැවටුණු මිනිස්සු අද අපේ ළඟට ඇවිත් දුක් වෙනවා : එජාප සභාපති වජිර කියයි

වත්මන් ආණ්ඩුවේ අදූරදර්ශී ක්‍රියා කලාපය හේතුවෙන් ජනතාවට අද වන විට අනාරක්ෂිත සහ තත්ත්වයෙන් බාල නිෂ්පාදන පරිභෝජනය කිරීමට සිදුව ඇති බව එක්සත් ජාතික පක්ෂයේ සභාපති හිටපු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා පවසනවා.

ඔහු පෙන්වා දෙන්නේ මෙම තකතීරු තීරණ හේතුවෙන් අසරණ ජනතාවට බරපතල අර්බුදයකට මුහුණ දී ඇති බවයි.

ආර්ථිකය නිසි අයුරින් කළමනාකරණය නොගෙන මුදල් අච්චු ගසමින් සිදුකළ ආණ්ඩුවේ පැලැස්තර විසඳුම් මේ වන විට මුළු රටටම පාරාවළල්ලක් වී ඇති බවද හිටපු අමාත්‍යවරයා පවසනවා.

තැන තැන ගෑස් සිලින්ඩර පුපුරා යාමේ ගැටළුවට පවා හේතු වී ඇත්තේ ඩොලර් අර්බුදය ගෑස් වල තත්ත්වය බාල කිරීම බව ද ඔහු සඳහන් කරනවා.

ඉන් නොනැවතී ඉදිරියේදී ජනතාව ආහාර ඇතුළු අත්‍යවශ්‍ය පාරිභෝගික ‍ද්‍රව්‍ය වල තත්ත්වය ඉතාමත් පහත් තැනකට ඇද වැටෙනු ඇති බවත් ඒ හරහා ජනතාවට බරපතළ අනතුරකට මුහුණ දීමට සිදුවනු ඇති බවටත් වජිර අබේවර්ධන මහතා අනාවැකි පළකරනවා.

වත්මන් ආණ්ඩුවට සම්බන්ධ පුද්ගලයින් විසින් ජනතාව මුලා කරමින් ගෙනගිය අසත්‍ය ප්‍රචාරයන් හමුවේ රැවටී දුරදක්නා දේශපාලන ප්‍රතිපත්ති වලින් යුත් එක්සත් ජාතික පක්ෂ නායකත්වය සහ පක්ෂය පරාජයට පත් කිරීම සඳහා ඡන්දය ලබාදුන් පිරිස් මේ වන විට යථාර්ථය අවබෝධ කරගෙන ඇති බවයි එක්සත් ජාතික පක්ෂ සභාපතිවරයා පවසන්නේ.

ඒ අතරින් ඇතැම් පුද්ගලයින් තමන් හමුවට පවා පැමිණ ඔවුන් ගත් තීරණය සම්බන්ධයෙන් කණගාටුවන බවයි වජිර අබේවර්ධන මහතා පසුගියදා හික්කඩුව ප්‍රදේශයේ පැවති උත්සවයකට එක්වෙමින් සඳහන් කළේ.

About The Author