2019 පාස්කු ඉරිදා ප්‍රහාරය ඇතුළු කිසිදු සිද්ධියක් සම්බන්ධයෙන් ජාත්‍යන්තර පරීක්ෂණ සිදුකිරීමට ශ්‍රී ලංකා රජය කටයුතු නොකරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.
ඔහු මේ බව පැවසුවේ “Deutsche Welle” හෙවත් ටෙලිවිෂන් ජර්මනි සමග පැවැත්වූ සම්මුඛ සාකච්ඡාවකදීය.
එම රූපවාහිනී සම්මුඛ සාකච්ඡාවේ දී මාධ්‍යවේදියා යොමුකළ ප්‍රශ්න හමුවේ ජනාධිපතිවරයා තරමක් ආවේගශීලිව පිළිතුරු ලබාදුන් අතර එහිදී ඔහු අවධාරණය කළේ කිසිදු කරුණක් සම්බන්ධයෙන් ජාත්‍යන්තර පරීක්ෂණයක් සිදුනොකරන බවයි.
එක්සත් රාජධානිය හෝ ජර්මනිය එවැනි පරීක්ෂණයක් සිදුකර නොමැති බවත් ශ්‍රී ලංකාව සහ ආසියාතිකයින්ට පමණක් මෙවැනි ආකාරයේ පරීක්ෂණ සිදුකරන ලෙස ප්‍රකාශ කරන්නේ කුමන කරුණු මත පදනම්ව දැයි ජනාධිපතිවරයා එහිදී ප්‍රශ්න කර සිටියේය.
පරීක්ෂණ සිදුකරනු ලබන්නේ ශ්‍රී ලාංකිකයින් පමණක් යොදාගෙන බව සදහන් කළ ජනාධිපතිවරයා කතෝලික රදගුරු සම්මේලනයෙන් මේ සම්බන්ධයෙන් විමසීමක් කළේ ද යන්න පිළිබඳව මාධ්‍යවේදීයාගෙන් විමසා සිටියේය.
එහිදී ඩොයිෂ් වෙල් මාධ්‍යවේදීයා පැවසුවේ තමන් එවැන්නක් සිදුනොකළ බවයි.
එසේ නම් ඔබට මෙම ප්‍රශ්න ඇසීමට කිසිදු අයිතියක් නොමැති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එහිදී ප්‍රකාශ කර සිටියේය.
අත නොහැර කියවන තැන
ජනාධිපති අනුර කුමාර දිසානායක ජාතිය අමතා සිදු කළ විශේෂ ප්‍රකාශය
රට අනුරට යයි – අනුර ජනපති පුටුවට එයි
සෙනඟ 3000 ක පැකේජයක් ලක්ෂ 45 – පක්ෂයේ පාටින් ඇඳුම් අන්දා එවයි