Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

ජනපති හෙට ජාතිය අමතයි – කතාව අදම පටිගත කරලා

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ජාතිය අමතමින් සිදුකල විශේෂ ප්‍රකාශය හෙට රාත්‍රී 08.30 ට සියලුම රූපවාහිනි සහ ගුවන්විදුලි ආයතන හරහා විකාශය කිරීමට නියමිතව ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරනවා.

විශ්වාසදායක ආරංචි මාර්ග වාර්තා කරන ආකාරයට ජනාධිපතිවරයාගේ කතාවට කොවිඩ් මර්දන වැඩපිළිවෙළට අදාළ ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව මෙන්ම රසායනික පොහොර තහනම් කරමින් කාබනික පොහොර භාවිතය ප්‍රචලිත කිරීමට රජය ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබඳ කරුණු ද ඇතුලත් වනු ඇති.

මීට අමතරව රටේ ආර්ථිකය සහ ජනතාව වෙනුවෙන් ලබාදෙන සහන කීපයක් පිළිබඳව නිවේදනය කිරීමට බලාපොරොත්තු වන බවද අප වෙත වාර්තා වී තිබෙනවා.

එමෙන්ම අද (24) දිනයේ ජනාධිපති පොදු සමාව යටතේ නිදහස් කරන ලද භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතන සිදු වීමේ ප්‍රධාන වරදකරුවෙකු ලෙස මහාධිකරණය සහ ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අවස්ථා දෙකකදී වෙන්වෙන්ව තහවුරු කරමින් මරණ දඬුවම නියම කර සිටි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ආර් දුමින්ද සිල්වා මහතා නිදහස් කිරීමේ සිදුවීම සාධාරණීයකරණය කරමින් කරුණු ඉදිරිපත් කිරීමක්ද අදාළ කතාවට බොහෝදුරට අන්තර්ගත විය හැකි බවටද තොරතුරු වාර්තවනවා.

යහපාලන සමයේ සිදු කරන ලද දේශපාලන පළිගැනීමක් ලෙස ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පත්කරන ලද දේශපාලන පළිගැනීම් විමර්ශන පිළිබඳ විශේෂ ජනාධිපති කොමිසම මගින් ද මෙම සිදුවීම හඳුන්වා දී තිබුනේ දුමින්ද සිල්වා මහතා නිදොස් කිරීම සඳහා පියවර ගන්නා ලෙස නිර්දේශ ද ඉදිරිපත් කරමින්.

ජනාධිපතිවරයා විසින් ජාතිය අමතමින් සිදු කළ කතාව අද(24) දහවල් අනුරාධපුරදී පටිගත කර ඇති බවට ද අප විශ්වාස දායක ආරංචි මාර්ග ඔස්සේ තොරතුරු වාර්තා වුණා.

About The Author