Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

ජනපති පරිසරය රැකීමට තද තීරණයක කටුපොල් වගාව තහනම් – පාම් තෙල් ආනයනයත් තහනම්

පසේ ඇති සාරවත් බව සම්පුර්ණයෙන්ම විනාශ කර දමන කටුපොල් වගාව පිළිබඳ පසුගිය කාලයේ විශාල කතා බහක් නිර්මාණය වී තිබුණා.

ඒ අනුව මේ සම්බන්ධයෙන් අවධානය යොමු කළ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කටු පොල් වගාව සම්පූර්ණයෙන්ම තහනම් කිරීමට නියෝග කර තිබෙනවා.

මෙරට කටු පොල් වගාව ක්‍රමයෙන් නතර කිරීමට පියවර ගැන ලෙස ජනාධිපතිවරයා විසින් මීට මාස හයකට පමණ ඉහතදී උපදෙස් ලබා දී තිබු අතර විසින් උපදෙස් දී තිබුනේ මීට මාස 6කට පමණ පෙරය. 

එමෙන්ම පාම් ඔයිල් භාවිතය අධෛර්යට පත් කිරීම සහ දේශීය පොල්තෙල් නිෂ්පාදකයින් ආරක්ෂා කිරීම සඳහා වන යෝජනාවක් කැබිනට් මණ්ඩලය හරහා සම්මත කෙරෙන්නේද පසු ගිය වසරේ දෙසැම්බර් මාසයේදීයි.

ඒ අනුව වහාම ක්‍රියාත්මක වන පරිදි පාම් ඔයිල් ආනයනය සම්පූර්ණයෙන් තහනම් කිරීමට අදාල ගැසට් නිවේදනය අද (2021-04-05) නිකුත් කරන ලෙස ජනාධිපති ලේකම් විසින් ආනයන අපනයන පාලක වෙත දැනුම් දී තිබෙනවා.

මීට අමතරව දැනට ආනයනය කර ඇති පාම් ඔයිල් නිකුත් කිරීම සම්පූර්ණයෙන්ම නතර කරන ලෙස ද රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයාට උපදෙස් ලබා දී තිබීමද විශේෂත්වයක්.

මේ සමගම කටු පොල් වගාව ද සම්පූර්ණයෙන්ම තහනම් කර තිබෙනවා.

ඒ අනුව දැනට පවතින කටු පොල් වගාව අදියරෙන් අදියර, වරකට 10% බැගින් ගලවා ඉවත් කර ඒ වෙනුවට රබර් හෝ පරිසර හිතකාමී වෙනත් වගාවන් කිරීමට එම සමාගම් හා ආයතන සමඟ නීතියෙන් බැඳීම සඳහා අවශ්‍ය පියවර ගැනීමට ද ජනාධිපතිවරයා විසින් උපදෙස් ලබා දී ඇති බවයි වාර්තාවන්නේ. 

About The Author