අගමැතිවරයා ඉල්ලා අස්වීමෙන් නොවීම තුළ අර්බුදකාරී තත්වයක් නිර්මාණය වී ඇති බව ස්වාධීන පක්ෂ එකමුතුව යන ලිපි ශීර්ෂය යටතේ මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ ලෙස කටයුතු කළ පක්ෂ 11 ක නායකයින් දැනුම් දී තිබෙනවා.
ඔවුන් පෙන්වා දෙන්නේ අරගලකරුවන් අග්‍රාමාත්‍ය කාර්යාලය ද අත්පත් කරගෙන ඇති වටපිටාවක් තුළ අගමැතිවරයා ඉවත් වීමට පියවර ගත යුතු බවයි.
එසේ නොකර සිටීමෙන් අරාජිකත්වය මෙන්ම ප්‍රචණ්ඩත්වය වේගයෙන් හිස ඔසවනු ඇති බවත් ඒ තුළ ඇතිවන අර්බුදය හමුවේ විදෙස් හමුදාවන්ට ශ්‍රී ලංකාවට ඇතුළුවීමට අවස්ථා නිර්මාණය වනු ඇති බවත් නිකුත් කළ නිවේදනයෙහි සඳහන්.



අත නොහැර කියවන තැන
පොලිසිය මාධ්‍යවේදියාගෙන් සමාව ගනී..
ගාල්ල මහ නගර සභාවේ උණුසුම් තත්ත්වයක්
“ඉවත් වෙනු” තිබුණත්, මෙරට අයිස් මත්ද්‍රව්‍ය භාවිතය ඉහළට