ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහය ලබා දෙන ලෙස ඉල්ලමින් ඔහුගේ ගෝල බාලයන් කිහිප දෙනෙකු ජනාධිපතිවරයා වෙනුවෙන් තමා සමඟ සාකච්ඡා කළ බව ද්‍රවිඩ ප්‍රගතිශීලී සන්ධානයේ නියෝජ්‍ය නායක , කඳුරට ජනතා පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී වී රාධක්‍රිෂ්ණන් මහතා පවසනවා.
Mee Massoo TV සමඟ සාකච්ඡාවකට එක්වෙමින් ඔහු පවසා ඇත්තේ මුදල්, අමාත්‍ය ධුර සහ විවිධ වරදාන ලබාදෙන බව පවසමින් එම නියෝජිතයින් තමන්ගේ සහය ජනාධිපතිවරයාට ලබාදෙන ලෙස ඉල්ලු බවයි.
එමෙන්ම මත්පැන් හල් සඳහා බලපත්‍ර ලබාදීම සඳහාද ඔවුන් යෝජනා කළ බවද වී රාධක්‍රිෂ්ණන් මහතා මෙහිදී අනාවරණය කර තිබෙනවා.
තමන් වතුකරයේ ජනතාව මත්පැන් පානය කිරීමට පුද්ගලිකව අකමැති බවත් ඉන් ඔවුන්ගේ ආර්ථිකය සහ සමගිය සහමුලින්ම වැනසී යන බව තමන් විශ්වාස කරන බවද පවසා ඇති රාධාක්‍රිෂ්ණන් මහතා විවිධ වරදාන වරප්‍රසාද හමුවේ වතු ජනතාවගේ අනාගත සුබ සිද්ධිය පාවා නොදෙන බවද සදහන් කර තිබෙනවා.


අත නොහැර කියවන තැන
බංග්ලාදේශයට ප්‍රබල භූ කම්පනයක්
කෝටි 400ක මත්ද්‍රව්‍ය තොගයට සජබ පළාත් පාලන අපේක්ෂකයෙක් අල්ලයි
මුහුදෙන් ඇල්ලූ යාත්‍රාවේ මත්ද්‍රව්‍ය කිලෝ 376කට වැඩි ප්‍රමාණයක්