Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

චෝදනා 10ක් – ක්ෂේත්‍රයට සිදුකරන සේවයක් සේ සළකා ඇමති පවිත්‍රා ට ගෙදර යන්නැයි කියයි

සෞඛ්‍ය ඇමතිනී පවිත්‍රා දේවි වන්නිආරච්චි මහත්මියට ධුරයෙන් ඉල්ලා අස්වන ලෙස ඉල්ලමින් රජයේ වෛද්‍යවරුන්ගේ සංසදය ලිපියක් යොමු කර තිබෙනවා.

2019 වසරේ දෙසැම්බර් මාසයේ සිට මේ දක්වා සෞඛ්‍ය අමාත්‍ය ධුරයේ කටයුතු කරන අමාත්‍යවරිය මෙතෙක් ඉතිහාසයේ සිටි දුර්වලම සහ අකාර්යක්ෂම සෞඛ්‍ය අමාත්‍යවරිය බව පෙන්වා දෙන එම සංසදය ඒ සඳහා හේතුවූ කරුණු 10ක් ද අදාළ ලිපියට ඇතුලත් කර තිබෙනවා.

දැක්මක් හෝ වැඩපිළිවෙලක් නොමැති එදාවේල ටුවර්ස් පන්නයේ අමාත්‍යවරියක් ලෙස ඇය හදුන්වා දී ඇති රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදය පවසන්නේ සෞඛ්‍ය ක්ෂේත්‍රයට සිදුකරන සේවයක් සේ සළකා ඇය වහා ඉල්ලා අස්විය යුතු බවයි.

About The Author