සති තුනක ප්‍රංශ සවාරියක නිරත වූ ලංකා විදුලිබල මණ්ඩලයේ අතිරේක සාමාන්‍යාධිකාරි (ව්‍යාපෘති) චම්පානි විජේසේකරගේ එම සවාරිය සඳහා මිලදී ගත් රුපියල් 35,000 ක සපත්තු කුට්ටමකට සහ රුපියල් 28,000 ක බෑගයකට විදුලිබල මණ්ඩලය රුපියල් 63,000 ක මුදලක් ගෙවා ඇති බව Lanka Truth වෙබ් අඩවිය වාර්තා කර තිබෙනවා.
එහි දැක්වෙන්නේ අදාළ රුපියල් 63,000ක මුදල සංචාරය නිමකර නැවත පැමිණීමට පෙර අදාළ සැපයුම්කරුවන්ට ගෙවන ලෙස මෙම නිලධාරිනිය මුදල් කළමනාකරු වෙත නියෝග කර ඇති බවත් ඒ අනුව එම මුදල මේ වනවිටත් සැපයුම්කරුවන්ට විදුලිබල මණ්ඩලය ගෙවා ඇති බවත්ය.
මෙම නිලධාරිනිය ලබන වසරේ විශ්‍රාම යාමට නියමිත බවත් විදේශ සංචාර සඳහා සහභාගිවන නිලධාරීන්ට ගමන්මළු ආදිය මිලදීගැනීමට මෙලෙස විදුලිබල මණ්ඩලයේ මුදල් භාවිතා කළ නොහැකි බව සේවකයෝ සඳහන් කර ඇති බවද සඳහන්.
විදුලිබල මණ්ඩලයේ ක්ෂේත්‍ර සේවයේ යෙදෙන සේවකයන්ට ආරක්ෂිත සපත්තු සඳහා හැර උසස් නිලධාරීන්ගේ පාවහන් සඳහා මණ්ඩලයට මුදල් ගෙවීමේ හැකියාවක් නොමැති බවත් මෙම නිලධාරිවරිය සති ගණන් අඛණ්ඩවට සේවයට වාර්තා නොකරණ බවත් ඒ සම්බන්ධයෙන් ඇයට විනය ක්‍රියාමාර්ගද ගෙන නොමැති බවත් වාර්තා වේ.
මෙම නිලධාරිනිය ලංකා විදුබල මණ්ඩලය ප්‍රතිව්‍යූහගත කරණය යටතේ කොටස් කිහිපයකට වෙන් කර පුද්ගලික ආයතන වෙත විකුණා දැමීමේ ක්‍රියාවලියට සෘජුවම සහාය දෙන තැනැත්තියක බවද වැඩිදුරටත් සඳහන් වේ.
© Lanka Truth


 
         
                   
                   
                   
                  
අත නොහැර කියවන තැන
පොලිස්පතිව හොයාගන්න බැරි රටේ අපරාධකරුවන් හොයාගන්නේ කොහොමද? – දේශබන්දු අතුරුදන්
ගිහිල්ලා මහ බැංකුව වට කරන්න ජනාධිපති උපදේශකයෙකු කියලා
ජල පිරිපහදුවට ගෙන්වූ ‘ලයිම්’ වල ක්‍රෝමියම් වැඩියි.. පිළිකා ඇතිවීමේ අනතුරක්..?