Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

චීන කොමියුනිස්ට් පක්ෂයේ සංවත්සරය වෙනුවෙන් ලංකාවෙන් රුපියල් දහසේ කාසියක්

ශ්‍රී ලංකා රජය සහ මහජන චීන සමූහාණ්ඩුව අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතාවේ 65 වන සංවත්සරය සහ චීන කොමියුනිස්ට් පක්ෂයේ 100 වන සංවත්සරය සැමරීම නිමිත්තෙන් රුපියල් දහසේ සමරු කාසියක් නිකුත් කර තිබෙනවා.

එම සමරු කාසිය ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති, මහාචාර්ය ඩබ්ලිව්. ඩී. ලක්ෂ්මන් මහතා අද (06) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත පිළිගන්වනු ලැබූ බවයි ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ.

ජනාධිපති මාධ්‍ය අංශ නිවේදනයේ දැක්වෙන්නේ දෙරට අතර දිගු මිත්‍රත්වය හා අන්‍යෝන්‍ය සබඳතාවට විශේෂ ගෞරවයක් ලෙස මෙම සමරු කාසිය නිකුත් කර ඇති බවයි.

කාසියේ එක් පසෙක ශ්‍රී ලංකාවේ හා චීනයේ ජාතික ධජ සමගින් නෙළුම් පොකුණ මහින්ද රාජපක්ෂ රඟහලේ ඉදිරිපස පෙනුම කාසිය මධ්‍යයේ දැක්වේ.

එහි 2022 යන්න රඟහලට පහළින් විශාල ඉලක්කමින් දක්වා තිබෙනවා.

කාසියේ පරිධියේ ඉංග්‍රීසි, සිංහල හා දෙමළ භාෂාවලින් “ශ්‍රී ලංකාව – චීනය වසර 65යි” යනුවෙන් සටහන් කර තිබෙනවා.

කාසියේ අනෙක් පස රුපියල් 1000 සහ “චීන කොමියුනිස්ට් පක්ෂය” යනුවෙන් භාෂාත්‍රයෙන් සඳහන් වෙනවා.

මහබැංකුව නිවේදනය කරන්නේ මෙම රුපියල් දහසේ රන් පැහැ සමරු කාසි 500ක් සහ රීදි පැහැ සමරු කාසි 2000ක් නිකුත් කළ බවයි.

About The Author