චීනය විසින් සඳෙන් පාෂාණ සාම්පල ලබා ගැනීම සඳහා මෙහෙයුමක් දියත් කර තිබේ.
ඒ සඳහා “රොබෝ චැං -5” නමැති අභ්‍යවකාශ යානය දේශීය වේලාවෙන් අඟහරුවාදා අලුයම දී “ලෝන්ග් මාර්ච් 5” රොකට්ටුවකින් වෙන්චැං දියත් කිරීමේ සංකීර්ණයෙන් පිටත් වූ අතර, මෙහෙයුම සාර්ථක වී නම් දෙසැම්බර් මස මැද භාගයේ දී එය නැවත පෘථිවියට පැමිණීමට නියමිත ය.
විශ්ලේෂණය කිරීම සඳහා ඇමරිකානුවන් සහ සෝවියට්වරුන් විසින් චන්ද්‍ර පාෂාණ මෙන් ම පස් ද ගෙනැවිත් මේ වන විට වසර 40ක් පමණ ගත වී ඇත.
අතිශය සංකීර්ණ ප්රයත්නයක් වන මෙම ජයග්‍රහණය අත්කර ගත් තුන්වන රට බවට පත් වීම චීනයේ අරමුණයි.


අත නොහැර කියවන තැන
තායිවාන මුහුදු සීමාවේ චීන යුද අභ්‍යාසයක්
ට්‍රම්ප් පරිපාලනයෙන් හදිසි තීරණයක්: ශ්‍රී ලංකා තානාපති ඇතුළු 30ක් යළි කැඳවයි
උතුරු කැරොලිනාවෙන් වාර්තාවන හද කම්පා කරවන ගුවන් අනතුර