පාස්කු ප්‍රහාරය පිළිබඳ සම්බන්ධයෙන් කරුණු විමර්ශනය සඳහා පත්කරන ලද විශේෂ ජනාධිපති කොමිසම් සභාවේ අවසන් වාර්තාව මේ වන විට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත පිළිගන්වා තිබෙනවා.
එය වහා ප්‍රසිද්ධියට පත් කර වගකිව යුත්තන් සම්බන්ධයෙන් වහා නීතිය ක්‍රියාත්මක කරන ලෙස අගරදගුරු කාදිනල් හිමිපාණන් මෙන්ම විපක්ෂය ඇතුළු සිවිල් සම්මජයෙන් ඉල්ලීම් රැසක් ලැබී තිබුණා.
නමුත් ඒ වෙනුවට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් අදාළ කොමිසන් සභා වාර්තාව අධ්‍යනය කර නිර්දේශ ලබා දීමට බව පවසමින් ආණ්ඩුවේ මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකුගෙන් සමන්විත තවත් කොමිසමක් ඊයේ දිනයේදී පත් කරනු ලැබුවා.
අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා කමිටු සභාපති ධූරයට නම් කර ඇති අතර ජොන්ස්ටන් ප්‍රනාන්දු, උදය ගම්මන්පිල, රමේෂ් පතිරණ, ප්‍රසන්න රණතුංග, රෝහිත අබේගුණවර්ධන යන අමාත්‍යවරුන් කමිටුවේ සාමාජිකයන් ලෙස කටයුතු කරනවා.
මෙම කොමිසම සම්බන්ධයෙන් අදහස් දැක්වූ අගරදගුරු කාදිනල් මැල්කම් රංජිත් හිමියන් සඳහන් කළේ පංච පුද්ගල නීති විශාරදයන් පිරිසකගෙන් සැදුම්ලත් කමිටුවක් හරහා ලබා දුන් අවසන් වාර්තාවක් තවදුරටත් අධ්‍යනය කිරීම සාමාන්‍ය පෙළ විභාගයවත් සමත් නැති කණ්ඩායමකට පැවරීම ගැටළු සහගත බවයි.
මෙම උත්සාහයට දැඩි අප්‍රසාදය පලකරන බවද උන්වහන්සේ සඳහන් කළේ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සාධාරණත්වය ඉටුකරන ලෙස ඉල්ලා කටුවාපිටිය ප්‍රදේශවාසීන් පැවැත්වූ විරෝධතාවයක් අතරතුරයි.
එහිදී වැඩිදුරත් අදහස් දැක්වූ කාදිනල් හිමියන් සඳහන් කළේ පිටකොන්දක් ඇති නායකයින් තමන් වහන්සේ බලාපොරොත්තු වූ බවයි. එසේ නොමැති පාලකයන්ගෙන් ඵලක් නොමැති බැවින් ඔවුන්ට එරෙහිව කටයුතු කරන බවත් සඳහන් කළා.


අත නොහැර කියවන තැන
බංග්ලාදේශයට ප්‍රබල භූ කම්පනයක්
කෝටි 400ක මත්ද්‍රව්‍ය තොගයට සජබ පළාත් පාලන අපේක්ෂකයෙක් අල්ලයි
මුහුදෙන් ඇල්ලූ යාත්‍රාවේ මත්ද්‍රව්‍ය කිලෝ 376කට වැඩි ප්‍රමාණයක්