Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

“ගෝඨාභය රජු සෝවාන්, දන්දිනා රුවන්වැලි සෑයේ දේවතාවියක්, අනාගත ජනපති බැසිල්, මම එස් මහින්ද හිමි” කියමින් පොහොට්ටු මන්ත්‍රීවරයෙකු ජන මනස පොබ කරයි

ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ මව දේවත්වයට පත්ව ඇති බවත් සෑම රාත්‍රියකම ඇය තමන් සමග කල් ගත කරමින් උපදෙස් ලබා දෙන බවත් පවසමින් පුද්ගලයෙකු විසින් යු ටියුබ් නාලිකාවට සම්මුඛ සාකච්ඡාවක් ලබා දී තිබෙනවා.

ඔහු ‘පහනට තෙල් ජාතික ව්‍යාපාරය’ නිර්මාතෘ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ (පොහොට්ටුව) අම්බලන්ගොඩ නගර සභා මන්ත්‍රී ග්‍රේෂන් කෙරමිනියගේ මහතායි. 

ඔහු පවසන්නේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සෝවාන් මාර්ගඵල ලාභියෙකු බවයි.

මහින්ද රාජපක්ෂ මහතාගේ මෑණියන් පවසන පරිදි මහින්ද රාජපක්ෂ මහතා යනු දුටුගැමුණු මහරජුගේ පුනරාගමනය බව ද ඔහු පවසනවා.

එමෙන්ම දන්දිනා දේව මෑණියන් පවසන පරිදි ගෝඨාභය රාජපක්ෂ මහතා සෝවාන් වී ඇති බව ද ඔහු පවසනවා.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පිළිබඳ ඇති වූ අනුකම්පාවෙන් පහනට තෙල් දැමීමට තමන් කටයුතු කරන බවයි.

About The Author