Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

ගෙවල් වල ඇති ගෑස් මරාල ගැන මීක් නැති නල්ල මලේ, ජනාධිපතිගේ ගෑස් කමිටු වාර්තාව

උන්ට පිස්සුද? මුන්ට පිස්සුද? අපිට පිස්සුද? : වැඩේ බාගෙට ඉවර කරන තකහනිය කාටද ?

ලංකාව පුරා ගෑස් සිලින්ඩර එකන් එක පුපුරා යමින් මිනිස් ජීවිත කිහිපයක් ද පිළිගෙන තවත් පිරිසක් බරපතල පිළිස්සුම් තුවාල සහිතව ඇති මොහොතක මේ සම්බන්ධයෙන් කරුණු සෙවීමට ජනාධිපතිවරයා විසින් පත් කළ කමිටුව නල්ලමලේ වාර්තාවක් ඉදිරිපත් කර ඇති අතර පිළිබඳ මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

මෙම කමිටුව විශේෂයෙන් අනාවරණය කරගත් කිසිවක් නොමැති අතර උඩින් පල්ලෙන් අතගාමින් පිස්සු විකාරයක් කියවා ඇති බව පෙනෙන්නට තිබෙන්නේ වාර්තාව අසම්පූර්ණ එකක් බව පැහැදිලිව නිරීක්ෂණය වීම හරහායි.

ගෑස් පුපුරා යාම සහ කාන්දු වීම් සම්බන්ධයෙන් ප්‍රධාන චෝදනාව එල්ල වූයේ ගෑස් සමාගම් විසින් සිලින්ඩරයක ඇතුලත් විය යුතු ප්‍රධාන වායු සංඝටක වල ප්‍රමාණ වෙනස් කිරීම සහ ගෑස් සිලින්ඩරය තුල පීඩන අගයන් ඉහළ නැංවීම යන කරුණු මතයි.

කෙසේ වෙතත් ජනාධිපතිවරයා විසින් පත් කළ කමිටුව සිය වාර්තාව ඉදිරිපත් කර ඇත්තේ ඒ පිළිබඳ කිසිදු අවධානයක් යොමු නොකොට එය තවමත් පර්යේෂණාගාර මට්ටමේ ඇති බව පවසමින්.

ප්‍රධාන ගැටලුව සහ චෝදනාව පිළිබඳ නිවැරදි විමර්ශනයක් කොට සම්පූර්ණ වාර්තාවක් ලබා නොදී මෙලෙසින් අසම්පූර්ණ වාර්තා ලබාදීමට හේතු වූයේ කුමක්ද?

වාර්තාවේ සංක්ෂිප්තය මාධ්‍ය නිවේදනයක සටහන් කරමින් අත්සන් තබන ගෑස් සිලින්ඩර ආශ්‍රිත ගිනි ගැනීම් හෝ පුපුරා යාම් පිළිබඳ විමර්ශනය කිරීම හා ඒ පිළිබඳ විසඳුම් සෙවීමේ ජනපති කමිටුවේ සභාපති මහාචාර්ය ශාන්ත වල්පොලගේ මහතා පවසන ආකාරයට මේ වන විට දිවයින පුරා වාර්තාවන සිදුවීම් වල අඩුවක් දක්නට ලැබෙන බවද පැවසෙනවා.

පසුගිය ජනවාරි මස පළමු වන දා සිට නොවැම්බර් මස 28 වැනිදා දක්වා කමිටුවට වාර්තා වී ඇති ගෑස් ආශ්‍රිත සිදුවීම් සංඛ්‍යාව 458 ක්.

මින් පැමිණිලි 244 ගෑස් කාන්දුවීම සම්බන්ධයෙන් වන පැමිණිලි බවත් ජනතාව උනන්දු වීම මත විවිධ අයුරින් ගෑස් කාන්දු හඳුනාගැනීම මෙලෙස වැඩි වශයෙන් සිද්ධි වාර්තා වීමට හේතු වී ඇති බව ද එම වාර්තාවෙහි සඳහන්.

දක්ෂ පුරවැසියන් සහ ඔලමොට්ටල විද්වත් කමිටු

එම කමිටු නිර්දේශයේ ම සඳහන් කර ඇති පරිදි ජනතාව විවිධ ක්‍රම මඟින් ගෑස් කාන්දු හඳුනා ගැනීමට යාම නොකළ යුතුයි.

එය අනතුරුදායක විය හැකි බව කමිටුවේ අදහසයි.

එසේ පවසන කමිටුව ගෑස් කාන්දුවීම හඳුනාගැනීම සඳහා යොදා ගන්නා එතීල් මර්කප්ටන් වායුව ගෑස් සිලින්ඩරයක ඇතුල් කළ යුතු බව ද පවසා තිබෙනවා.

යම් අයුරකින් ජනතාව කුමන ක්‍රමයක් භාවිතා කොට ගෑස් කාන්දු හදුනා නොගත්තානම් සිදුවන විනාශය මෙම කමිටුවට අමතක වී තිබීම පුදුමයක්.

කෙසේ වෙතත් මෙම ජනාධිපති කමිටුව අදාල ගෑස් සමාගම විසින් ගෑස් කාන්දු හඳුනාගන්නා එතීල් මර්කප්ටන් වායුව ගෑස් සිලින්ඩර තුළින් ඉවත් කිරීමේ අපරාධය සම්බන්ධයෙන් කීසිදු ක්‍රියාමාර්ගයක් නම් සඳහන් කර නැහැ.

පාරිභෝගික කටයුතු පිළිබඳ අමාත්‍යාංශ අලගියවන්න මහතා ද මෙම ඊනියා කමිටුවට වඩා කරුණු මාධ්‍ය හමුවේ අනාවරණය කරනු ලැබුවා.

ගෑස් සමාගම් සුදනන් කරමින් සුදු හුණු ගාමින් නිකුත් කර ඇති මෙම වාර්තාවට අදාළ මාධ්‍ය නිවේදන හරහා ගෑස් ප්‍රශ්නය තවත් හේතුවක් මතුකර තිබෙනවා.

එනම් ජනතාව භාවිතා කරන රේගියුලේටර , ගෑස් නල ඇතුළු උපාංගවල තත්ත්වය පරීක්ෂා කිරීමයි.

එලෙස හඳුනා ගන්නා උපාංග භාවිතයෙන් ඉවත් කළ යුතු බව ද කමිටුව නිර්දේශ කරනවා.

මෙම කරුණ ඉතා වැදගත් සොයා ගැනීමක් නොවේ. ‍ පාරිභෝගික කටයුතු අමාත්‍යවරයා පවසන ආකාරයට ‍සහ විද්වතුන්ගේ අදහස් වලට අනුව ‍ ප්‍රධාන ප්‍රශ්නය මෙය නොවේ.

එය එලෙස සිදු වූවානම් දිවයින පුරා මීට පෙරද එක පෙළට ගෑස් සිලින්ඩර ආශ්‍රිත අනතුරු වාර්තා විය යුතුය.

සල්ලි ගෙවා ගෙදර ගෙනියපු බෝම්බ ගැන මීක් නෑ

තකහනියේ කඩිමුඩියේ එළියට දමා ගැනීමට තදියම් වූ ජනපතිවරයාගේ ගෑස් කමිටු වාර්තාව සම්පූර්ණයෙන්ම පුස්සක් බව සම්බන්ධයෙන් මාධ්‍යයට නිකුත් කර ඇති නිවේදනය හරහා පැහැදිලියි.

ඔවුන් පවසන්නේ අනතුරු ඇතිවීමට ප්‍රශ්න ගත ගෑස් සිලින්ඩර වල සංයුතියේ බලපෑමක් ඇති වීද යන්න පිළිබඳව තවමත් විද්‍යාත්මක අධ්‍යනයන් පැවැත්වෙන බවයි.

ප්‍රශ්නය අමතක වුණු කමිටුව

රටම දන්නා පරිදි ගෑස් සිලින්ඩර ආශ්‍රිත පුපුරා යාම සහ ගිනි ගැනීම් සම්බන්ධයෙන් මතු වූ ප්‍රධාන ගැටලුව වූයේ ඒ සඳහා ගෑස් සමාගම් විසින් ගෑස් සිලින්ඩරේ සංයුතිය වෙනස් කිරීමේ සිදුවීම බලපා ඇති ද නැතිද යන්නයි.

මාධ්‍ය නිවේදන ද නිකුත් කරමින් කමිටු වාර්තා සමාජගත කරන ජනාධිපතිවරයාගේ ගෑස් කමිටුව තවමත් එම ගැටලුවට පිළිතුරක් සොයා ගෙන නැහැ.

එසේනම් මෙම වාර්තාව කුමකටද?

තම නිවෙස තුළ කිසියම් මොහොතක හෝ පුපුරා යනු ඇතැයි සිතමින් අනාරක්ෂිත ජීවත් වන්නට සිදුව ඇති මිනිසුන්ට මෙම ඊනියා කමිටු වාර්තාව මගින් ලබාදී ඇති සහනය කුමක්ද?

මේ වන විට පැහැදිලි වෙමින් තිබෙන්නේ ජනාධිපති කමිටුවක් නිර්මාණය කොට බහුතර පාරිභෝගිකයා වෙනුවට හිතවත් ව්‍යාපාරිකයන් අරක්ෂා කිරීමට මෙම කමිටුව ද කටයුතු කර ඇති බව නොවේද?

මුද්‍රාවක් සහිතව නව ගෑස් සිලින්ඩරයක් වෙළඳ පොලට නිකුත් කිරීමට අවසර දුන් කමිටුවට නිවෙස් වල ඇති අනාරක්ෂිත ගෑස් සිලින්ඩර අමතක වී තිබෙනවා.

අදාල නැති බව තහවුරු කරගත්තා නම් වෙනස්ම ආකාරයක මුද්‍රාවක් සහිතව නව ගෑස් සිලින්ඩරයක් මුදා හරින්නේ ඇයි?

ඒ අනුව පැහැදිලි වන්නේ දැනට ජනතාවට අලෙවි කොට ඇති ගෑස් සිලින්ඩරයේ ගැටලුවක් ඇති බව නොවේද?

එසේනම් එම ගෑස් සිලින්ඩර වෙනුවට නව ගෑස් සිලින්ඩර පාරිභෝගිකයාට ලබා දීම සඳහා නිර්දේශ ලබා දීමට හෝ ඒවා තවත් අනතුරක් වන්නට කලින් සමාජයෙන් ඉවත් කිරීම සඳහා යෝජනා ඉදිරිපත් කිරීමට ඔවුන්ට නොහැකි වූයේ ඇයි?

වරදක් සිදුවී ඇත්නම් වරද සිදු වූයේ කෙසේදැයි සොයාගන්නට මෙම අපුරු කමිටුවට තවමත් හැකිවී නැත.

එපමණක් නොව දැනට නිවෙස් තුළ ඇති ගෑස් සිලින්ඩර ආරක්ෂකාරිද? නැත්ද? යන්න පිළිබඳ පැහැදිලි පිළිතුරක් ජනතාවට ලබා දීමටද මෙම කමිටුව අපොහොසත් වීම කෙතරම් අභාග්‍ය සම්පන්නද.

මෙය ද තවදුරටත් මහජන මුදල් නාස්ති කරමින් වාහන සහ ඉන්ධන ක්ෂය කරමින් , කමින් බොමින් , සතුටු සාමීචියේ සිට හිටිහැටියේ නින්දෙන් ඇහැරී ලියු කමිටු වාර්තාවක් මෙන් නොවිය යුතු බව අපගේ විස්වාසයයි.

About The Author