පිළිකා කාරක අඩංගු බවට සැක සහිතව පරීක්ෂණයට බදුන් කළ පොල්තෙල් තොග හතරෙහිම පිළිකා කාරක අඩංගු බවට තහවුරු වී ඇති බව ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය පවසනවා.
ඒවා ප්‍රති අපනයනය කිරීමට පියවර ගන්නා බවයි ඔවුන් සඳහන් කරන්නේ.
සමාගම් 4 කින් මෙරටට ආනයනය කළ පොල්තෙල්වල ‘ඇෆ්ලටොක්සින්’ නැමැති පිළිකා කාරකය අඩංගු දැයි සිදුකළ දෙවන සාම්පල පරීක්ෂවේ අවසන් වාර්තාව ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය විසින් රේගු අධ්යක්ෂ ජනරාල්වරයා වෙත අද(29) භාරදී ඇති අතර, සමාගම් 4 ක් ගෙන් වූ එම පොල්තෙල් තොගයේ විස රසායන ඇති බව ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය විසින් සිදුකළ පළමු සාම්පල් පරීක්ෂාවේදී ද අනාවරණය වුණා.
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය පැවසුවේ එක් ආයතනයක් මෙරටට ආනයනය කළ පොල්තෙල් වල එම පිළිකා කාරකය අඩංගු බව සිදුකළ දෙවන පරීක්ෂණයෙන් ඊයේ වාර්තා වු බවයි.
ඒ අනුව අනෙකුත් ආයතන 03 විසින් ආනයනය කරන ලද පොල්තෙල්වලට අදාළ දෙවන සාම්පලවල පරීක්ෂණ වාර්තාව රේගු අධ්යක්ෂ ජනරාල්වරයා වෙත අද භාරදුන් බව ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය සඳහන් කළා.
තෙල් පරීක්ෂාවට ලක්ව කරන ලද සමාගම් හතර මෙසේය.
අලි බ්‍රදර්ස් පුද්ගලික සමාගම
සේන මිල්ස් පිරිපහදුව
එදිරිසිංහ එජාබල් ඔයිල්ස්
කටාන පිරිපහදුව


අත නොහැර කියවන තැන
පොලිසිය මාධ්‍යවේදියාගෙන් සමාව ගනී..
ගාල්ල මහ නගර සභාවේ උණුසුම් තත්ත්වයක්
“ඉවත් වෙනු” තිබුණත්, මෙරට අයිස් මත්ද්‍රව්‍ය භාවිතය ඉහළට