ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ සභාපතිවරයා ඇතුළු අධ්යක්ෂ මණ්ඩලය සිය ධූරවලින් ඉල්ලා අස්වී ඇති බව වාර්තාවනවා.
ඔවුන්ගේ ඉල්ලා අස්වීමේ ලිපි ඊයේ වන විට අමාත්‍යවරයාට යොමු කර තිබූ බවයි හෙළිව තිබෙන්නේ.
ඒ විෂය භාර අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා වහා එම තනතුරුවලින් ඉල්ලා අස්වන ලෙස සිදුකළ දැනුම් දීමකට අනුවයි.
එයට හේතුව වී තිබෙන්නේ ශ්‍රී ලංකා ගුවන් සංස්ථාවට අයත් සංඛ්‍යාත අනුමැතියකින් තොරව පෞද්ගලික අංශයට ලබාදීමට පියවර ගැනීම සහ සංස්ථාවට අයත් ඉඩමක් වෙනත් පාර්ශවයකට පවරා දීමේ අක්‍රමිකතාවක් හේතුවෙන් බවද වාර්තවනවා.
කෙසේ වෙතත් ගුවන් විදුලි සංස්ථවේ සභාපති ධුරය දැරූ විශාරද ජගත් වික්‍රමසිංහ මහතා මීට පෙර සඳහන් කර තිබුණේ අමාත්‍යවරයා විසින් තමන්ට ඉල්ලා අස්වන්නැයි නොකී බවයි.


අත නොහැර කියවන තැන
පොලිසිය මාධ්‍යවේදියාගෙන් සමාව ගනී..
ගාල්ල මහ නගර සභාවේ උණුසුම් තත්ත්වයක්
“ඉවත් වෙනු” තිබුණත්, මෙරට අයිස් මත්ද්‍රව්‍ය භාවිතය ඉහළට