උකුවෙල තාංලිංගාමඩ ග්‍රාම නිලධාරී වසම භාර ග්‍රාම නිලධාරිනි සමුද්‍රා ඒකනායක මහත්මියට පහර දුන් උකුවෙල ප්‍රාදේශීය සභාවේ ශ්‍රි ලංකා පොදුජන පෙරමුණු මන්ත්‍රි හිමාලි එරන්දිකා අබේරත්න මහත්මියගේ පක්ෂ සමාජිකත්වය අත්හිටුවා තිබෙනවා.
සංචරණ සිමා පැනවිමෙ හේතුවෙන් අඩු ආදායම් ලාභි පවුල් සදහා රුපියල් පන්දහසේ භාණ්ඩ මල්ල ලබා දිමේ වැඩපිළිවෙල යටතේ උකුවෙල කැන්දගොල්ලාමඩ වසමේදි අදාළ භාණ්ඩ ලබා දිමේ දිඅදාල මන්ත්‍රීවරිය ග්‍රාම නිලධාරිනියගේ රාජකාරියට බාධා කර ඇති අතර එහිදී ඇතිවූ බින් බස් වීම නතර වී ඇත්තේ අදාල මන්ත්‍රීවරිය විසින් ග්‍රාම මිලධරිනියට කළ පහරදීමකින් බවයි වාර්තාවන්නේ,
අනතුරුව මන්ත්‍රිවරිය පොලිස් අත්අඩංගුවට ගෙන අධීකරණයට ඉදිරිපත් කිරිමෙන් පසු රුපියල් පනස්දහසක ශරිර ඇප මත මුදාහැර තිබු අතර පහරකෑමට ලක්වූ ග්රාමනිලධාරිවරිය ජම්බුගස්පිටිය ප්‍රාදේශිය රෝහලේ ප්‍රතිකාර ලබන බවයි වාර්තා වන්නේ.
අදාල සිද්ධිය පිළිබඳව පරීක්ෂණයක් පවත්වා තීරණයක් ගන්නා තෙක් පක්ෂ සාමාජිකත්වය අත්හිටුවන බවත් නැවත දැනුම් දෙනතුරු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරමින් කිසිදු කටයුත්තකට සම්බන්ධ වීමේ හිමිකම් නොමැති බවත් ශ්‍රී ලංකා පොදුජන පොදුජන පෙරමුණේ ප්‍රධාන ලේකම් සාගර කාරියවසම් මහතා අදාළ මන්ත්‍රීවරියට ලිඛිතව දැනුම් දී තිබෙන බවයි වාර්තාවන්නේ.
මේ අතර මහරගම ප්‍රාදේශීය සභාවේ පොහොට්ටු මන්ත්‍රීවරියක් විසින් තම පක්ෂයේම මන්ත්‍රීවරයෙකුට ප්‍රාදේශීය සභාව පැවැත්වෙන සභාගර්භය තුලදීම පහර දෙන සිදු වීමකට අදාළ දර්ශන පෙළක් ද පසුගිය දිනවල සමාජ මාධ්‍ය ජාල ඔස්සේ හුවමාරු වුණා.
අත නොහැර කියවන තැන
මහජන ආරක්ෂක අමාත්‍යධුරය ෆොන්සේකාට – දුන්නොත් භාරගන්නවා ඉල්ලන්න අයිතියක් නෑ ෆොන්සේකා කියයි
ආණ්ඩුවේ ආයතනයකින් විමල්ගේ “සඳේ ගින්දර” නිවන්න හදලා – නිවන්න දෙන්නේ නෑ, වෙන තැනක සිට අවුලුවන බව කියයි – බාධා කළ අයට නීති මාර්ගයෙන් පියවර
මාධ්‍යවේදීයෙකු පැහැරගෙන ගොස් මරා දැමීමට තැත්කළ බවට සැක හිටපු හමුදා බුද්ධි නිලධාරීන් දෙදෙනෙකු අත්අඩංගුවට