දකුණු මුහුදේදී නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගත් දැවැන්ත මත්ද්‍රව්‍ය තොගය සම්බන්ධයෙන්, සමගි ජනබලවේගයේ (SJB) පළාත් පාලන අපේක්ෂකයෙකු පන්නල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය (PNB) නිවේදනය කරනවා.
රුපියල් කෝටි 400කට අධික වටිනාකමකින් යුත් අයිස් සහ හෙරොයින් තොගයක් සමග අත්අඩංගුවට ගත් බහුදින ධීවර යාත්‍රාව සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනවල ප්‍රගතියක් ලෙස මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබෙනවා.
දකුණු මුහුදු තීරයේදී නාවික හමුදාව විසින් සිදු කරන ලද මෙහෙයුමකදී අත්අඩංගුවට ගත් බහුදින ධීවර යාත්‍රාව අද (20) පස්වරුවේ තංගල්ල ධීවර වරාය වෙත රැගෙන ආ අතර, එම යාත්‍රාව තුල පාර්සල් 18ක් ඇසුරුම් කර තිබී අයිස් (Ice) මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 200ක් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 100ක් පමණ සොයාගැනීමට සමත් වුණා.
එමෙන්ම මෙම යාත්‍රාව තුල තිබී ගිනිඅවි 02ක්ද ආරක්ෂක අංශ භාරයට ගනු ලැබුවා.


අත නොහැර කියවන තැන
බංග්ලාදේශයට ප්‍රබල භූ කම්පනයක්
මුහුදෙන් ඇල්ලූ යාත්‍රාවේ මත්ද්‍රව්‍ය කිලෝ 376කට වැඩි ප්‍රමාණයක්
හසීනාගේ නඩු තීන්දුව ගැන ඉන්දියාවෙන් නිවේදනයක්