Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

කොළඹ වාරයේ බටහිර පර්යන්තය ඉන්දියාවට සහ චීනයට විකුණයි – ඈවරයි දෑවරයි

පසුගිය දිනවල රටේ රාජ්‍ය සම්පත් විකුණා දැමීමට එරෙහි බව පවසමින් දැවැන්ත විරෝධතාවක් ගොඩ නැගුනේ රාජ්‍ය විසින් කොළඹ වාරයේ නැගෙනහිර පර්යන්තය ඉන්දියාවට ලබා දීමට ගෙන තිබු තීරණයට එරෙහිවයි.

එම විරෝධය කෙමෙන් යටපත් වූ අතර මේ වන විට නැගෙනහිර පර්යන්තය වෙනුවට බටහිර පර්යන්තය ඉන්දියාවට ලබාදීම සඳහා රජය කටයුතු සුදානම් කර අවසන්.

ඒ අනුව වරායේ කොටස් අයිතියෙන් වැඩි පංගුවක් ඉන්දියාව සහ චීනයට ලබා දෙන අතර ලංකාවද එහි යම් කොටස් ප්‍රමාණයක හිමිකාරිත්වය දැරීමට නියමිතයි.

ඉන් අනතුරුව රාජ්‍ය – පුද්ගලික ව්‍යාපාරයක් ලෙස බටහිර ජැටිය සංවර්ධනය කරන බවයි රජය පවසන්නේ.

ඒ සඳහා අවශ්‍ය කැබිනට් අනුමැතියද මේ වන විට හිමිව තිබෙනවා.

කොළඹ දකුණු වරායේ බටහිර බහළු පර්යන්තය (WCT) ඉන්දීය රජය සහ ජපන් රජය විසින් නම් කරනු ලබන පාර්ශ්වයන් සහ ශ්‍රී ලංකා වරාය අධිකාරිය හා එක්ව රාජ්‍ය – පෞද්ගලික ව්‍යාපාරයක් ලෙස සංවර්ධනය කිරීමටත්, ඒ සම්බන්ධයෙන් ඉදිරිපත් වන යෝජනා ඇගයීම පිණිස අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද සාකච්ඡා සම්මුති කමිටුවක් සහ ව්‍යාපෘති කමිටුවක් පත් කිරීමටත්, 2021 පෙබරවාරි මස 01 දින දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දෙන ලදී.

ඒ අනුව, සාකච්ඡා සම්මුති කමිටුව විසින් අනුමත කරන ලද ඉදි කර, මෙහෙයුම් කර, පවරා දීමේ ගිවිසුම සහ යෝජනා ඉල්ලීම් ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය සහ ජපන් තානාපති කාර්යාලය වෙත යොමු කර ආයෝජකයින් නම් කරන ලෙස ඉල්ලීමක් කර ඇත. Adani Ports and Special Economic Zone Limited (APSEZ Consortium) ඉදිරිපත් කළ යෝජනාව සඳහා ඉන්දීය මහකොමසාරිස් කාර්යාලයේ එකඟතාව ලැබී ඇති අතර ජපන් රජය විසින් කිසිදු ආයෝජකයෙකු නම් කර නොමැත.

දෙපාර්ශ්වය අතර පැවති සාකච්ඡා පදනම් කර ගෙන අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද සාකච්ඡා සම්මුති කමිටුව විසින් ඉදිරිපත් කරන ලද නිර්දේශය පරිදි Adani Ports and Special Economic Zone Limited (APSEZ Consortium) සහ එම සමාගමේ දේශීය නියෝජිත වන John Keels Holding PLC (APSEZ Consortium) සහ ශ්‍රී ලංකා වරාය අධිකාරිය හා එක්ව රාජ්‍ය – පෞද්ගලික ව්‍යාපාරයක් ලෙස වසර 35ක කාලයක් සඳහා සංවර්ධනය කොට ක්‍රියාත්මක කර ආපසු භාර දීමේ පදනම යටතේ බටහිර බහළු පර්යන්තය සංවර්ධනය කිරීම පිණිස වරාය හා නාවික අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

About The Author