Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

කොළඹ වරායේ බටහිර ජැටිය ඉන්දියාවට විකුණා දමයි – වරායට ඇත්තේ 15% කොටස් අයිතිය පමණයි

ඉන්දියාවේ අදානි සමාගමට සියයට 51 ක්ද, ජෝන් කීල්ස් හෝල්ඩින්ග්ස් සමාගමට සියයට 34 ක්ද, ශ්‍රී ලංකා වරාය අධිකාරියට සියයට 15 ක්ද වශයෙන් අවසාන කොටස් හිමිකම පවරාදෙන කොළඹ වරායේ බටහිර බහාලුම් පර්යන්තය පිළිබඳ මූලික එකඟතා ලිපියට (The letter of intent) පසුගිය මැයි 03 වැනිදා අත්සන් තබා ඇති බව වාර්තවනවා.

වෙස්ට් කන්ටේනර් ඉන්ටර්නැෂනල් ටර්මිනල් (පෞද්) සමාගම නමින් ඒකාබද්ධ සමාගමක් ද මීට සමගාමීව පිහිටුවා ඇති බවයි වාර්තාවන්නේ.

ඒ අනුව මූල්‍ය කටයුතු ඇතුළු ගිවිසුමේ අන්තර්ගත කොන්දේසි සැපිරීම සඳහා අදාළ ලිපිය ඔස්සේ 2021 මැයි 03 වැනිදා සිට දින 180ක කාලයක් ලබාදී තිබෙනවා.

වසර 35 ක කාලයක් සඳහා කොළඹ වරායේ බටහිර පර්යන්තය සංවර්ධනය කර පවත්වාගෙන යෑමට කීල්ස් හෝල්ඩින්ග්ස් සමාගම සමග එක්ව කටයුතු කරන බව අදානි සමාගම පසුගිය මාර්තු මාසයේදී නිවේදනය කළේ ශ්‍රී ලංකාවේ ජනතාව සතු රාජ්‍ය දේපල ඉන්දියාවට විකිණීමට එරෙහිව එල්ලවූ විරෝධය හමුවෙයි.

© මුලාශ්‍රය – අරුණ

About The Author