ලංකාවේ මහා බුද්ධිමතුන් ලෙස පෙනී සිටින්නන් අමුම අමු ගෝත්‍ර වාදී චෞරයන් පිරිසක් වූ හැටි
ගත්ත කෙනෙක්, බෙදපු කෙනෙක්, විදපු කෙනෙක් නැතුව එන්නත් 8000 කට වඩා අතුරුදන්
ඇස්ට්‍රාසෙනිකා කොවිෂිල්ඩ් එන්නත් 8000 වඩා මේ වන විට අතුරුදහන් වී ඇති බව අනාවරණය වනවා.
රජය භාරයේ තිබූ එන්න මෙලෙස අතුරුදන් වීම බරපතළ ගැටලුවක්.
ශ්‍රී ලංකාවට ගෙනවිත් ඇති එන්නත් සම්බන්ධ වගකීම දරන්නේ සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා සහ වසංගත රෝග විද්‍යා අංශය විසින් බවයි වාර්තා වන්නේ.
සෞඛ්‍ය අමාත්‍යංශ විෂයය පථයන් බෙදීයාම අනුව වෛද්‍ය සැපයුම් අංශය අයත් වන්නේ රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන මහතාටයි.
සෞඛ්‍ය ක්ෂේත්‍රයට සම්බන්ධ වෘත්තීය සමිති පෙන්වා දෙන්නේ අමාත්‍යාංශයේ විෂය පථයන් බෙදී යාම හේතුවෙන් අමාත්‍යවරුන් තිදෙනෙකු මෙම එන්නත් කරන ක්‍රියාවලිය සඳහා මැදිහත් වෙමින් සිටින බවයි.
ඒ තුළ වඩා සංකීරණ තත්ත්වක් නිර්මාණය වී ඇති බවද ඇති බව ඔවුන් පෙන්වා දෙනවා.
මෙලෙස රජයේ වගකිව යුතු අමාත්‍යාංශයක් භාරයේ පැවති එන්නත් 8000 කට වැඩි ප්‍රමාණයක් මෙලෙස අතුරුදන් වීම බරපතළ තත්වයක්.
සෞඛ්‍ය වෘත්තිකයන් පෙන්වා දෙන්නේ එම සංඛ්‍යාව ඇතැම් විට එයටත් වඩා ඉහල අගයක් ගනු ඇති බවයි.
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයද තම පවුල්වල සාමාජිකයන්ට ලබා දීම සඳහා එන්නත් මාත්‍රා 13000 ක් මුදා හැර ඇති බවද මේ වන විට අනාවරණය වී තිබෙනවා.
එමෙන්ම ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් විසින් කොවිෂිල්ඩ් එන්නතෙහි පළමු මාත්‍රාව ලබාගෙන ඇත්තේද සියලු සෞඛ්‍ය නිර්දේශ උල්ලංඝනය කරමින්.
කෙසේ වෙතත් අතුරුදන්ව ඇති එන්නත් තොගය ඊට ඇතුලත් නැහැ.
මහජන සෞඛ්‍ය පරීක්ෂක වරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා සඳහන් කළේ ඇස්ට්‍රාසෙනිකා කොවිෂිල්ඩ් එන්නත් මාත්‍රා 925 242 දෙනෙකුට ලබා දී ඇති බවට සංඛ්‍යා ලේඛන ඉදිරිපත්ව තිබු බවයි.
ඒ අනුව දෙවෙනි මාත්‍රාව ලෙස ලබා දීමට ඉතිරිව තිබුනේ තවත් එන්නත් මාත්‍රා 343 293 දෙනෙකුට පමණක් බවයි.
එහිදී අදාළ එන්නතෙහි පළමු මාත්‍රාව ලබාගත් අවදානම් සහිත ප්‍රදේශවල ජීවත්වන ජනතවට අදාළ එන්නත් ලබාදිය යුතුව තිබුණත් එම ක්‍රියාවලිය රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් කඩාකප්පල් කර ඇති බවයි.
එන්නත් ලක්ෂ 5ක් ප්‍රමුඛතා සීමාවලින් පිට විදලා
මේ සම්බන්ධයෙන් අදහස් පල කරන වෛද්‍ය රසායනගාර විද්‍යාඥයින්ගේ සංගමයේ සභාපහි රවී කුමුදේශ් මහතා සඳහන් කරන්නේ එන්නත් ලක්ෂ 5ක ට ආසන්න ප්‍රමාණයක් ලෝක සෞඛ්‍ය සංවිධානය ලබා දුන් ප්‍රමුඛතා සීමාවන්ගෙන් පිට එන්නත් කර ඇති බවයි.
වයස අවුරුදු 60 වැඩි ජේෂ්ඨ පුරවැසියන්ට එන්නත්කරණයේදී ප්‍රමුඛත්වය ලබා දීමටත් අනතුරුව වයස 30 සහ 60 අතර පිරිසට එන්නත් ලබා දීමටත් ලෝක සෞඛ්‍ය සංවිධානය නිර්දේශ කර තිබුණා.
මීට අමතරව කොරෝනා අවධානම වැඩි ප්‍රදේශ වල ජනතාවට ප්‍රමුඛ තාව ලබාදෙන ලෙසයි එම නිර්දේශ වල දැක්වෙන්නේ.
එම නිර්දේශ සියල්ල කුඩුපට්ටම් කරමින් එන්නත් කරණය සඳහා තිබු වයස් සීමාවද කඩ කර ඇති බවට පැහැදිලි සාක්ෂි රැසක් ලැබී ඇති අතර ඉන් එක් සාක්ෂියක් පසුගියදා රට හමුවේ අනාවරණය වුණා.
වයස 30 පවා සම්පුර්ණ නොකළ පිරිසකට එන්නත් ලබා දී ඇති බව හෙළිවූ පියුමිගේ කතාව
ඒ පසුගියදා නිරෝධායන සිමා කඩකරමින් කටයුතු කොට දැනට නිරෝධ්‍යනයේ පසුවන පට්ටියගේ පියුමි හංසමාලී මහත්මිය විසින් සිදු කළ ප්‍රකාශයයි.
එහිදී ඇය සඳහන් කරන්නේ තමාද කොරෝනා මර්ධන එන්නත් ලබාගෙන ඇති බවයි.
ඇය වයස 30 සිමාව පසුකර නොමැති බව මේ වනවිට හෙළිව තිබෙනවා.
ඒ අනුව පැහැදිලි වන්නේ මෙරට එන්නත්කරණ ක්‍රියාවලිය අයාලයේ ගොස් ඇති බව නොවේද?
අනික් අතට මේ වන විට ඇස්ට්‍රා සේනික එන්නත් විවිධ මුදලට අලෙවිකරන බවටද චෝදනා එල්ලවී තිබෙනවා.
කොරෝනා සමග ඔට්ටු වෙමින් ජනතාව වෙනුවෙන් තම වගකීම් ඉටුකරන සෞඛ්‍ය සේවකයින්, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්, ග්‍රාම නිලධාරීන් ඇතුළු පිරිස සහ කොරෝනා අධි අවධානම් ප්‍රදේශ වල ජිවත්වන ජනතාව මඟ හැර හොර පාරේ ගොස් තම හිතවතුන් එන්නත් කරණය කිරීම හරහා ප්‍රදර්ශනය වන්නේ ශ්‍රී ලංකාව තුල ඇති විනය ගරුක සමාජයේ ස්වභාවයයි.
එමෙන්ම එක් රටක් එක් නීතියක් වෙනම කණ්ඩායමකට වෙනම ක්‍රියාත්මක වන අවලස්සන ගෝත්‍රික ස්වභාවයයි.
අත නොහැර කියවන තැන
පොලිස්පතිව හොයාගන්න බැරි රටේ අපරාධකරුවන් හොයාගන්නේ කොහොමද? – දේශබන්දු අතුරුදන්
ගිහිල්ලා මහ බැංකුව වට කරන්න ජනාධිපති උපදේශකයෙකු කියලා
ජල පිරිපහදුවට ගෙන්වූ ‘ලයිම්’ වල ක්‍රෝමියම් වැඩියි.. පිළිකා ඇතිවීමේ අනතුරක්..?