Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

කොරෝනා සමග සටනට සගයෙක්, ඔබේ ඇඟිලි තුඩු යටට එයි – WHO සහ සෞඛ්‍ය අමාත්‍යාංශයේ වැඩක්

කොරෝනාවට සාර්ථකව මුහුණ දෙමින් තමා ජිවත්වන අවට ප්‍රද්ශයේ සුරක්ෂිත් බව, ප්‍රදේශයේ රෝගීන් සිටින ස්ථාන, ව්‍යාප්තියේ ස්වභාවය ඇතුලු තොරතුරු මෙන්ම අවට ඇති රෝහල් වල විස්තර. ඉඩකඩ, 1990 සුවසරිය ගිලන්රථ වහා සම්බන්ධකර ගැනීමේ පහසුකම,අනතුරු ඇඟවීමේ පණිවිඩ ඇතුළු තොරතුරු රැසකින් සමන්විත නව ජංගම යෙදවුමක් (Mobile APP) හඳුන්වා දී තිබෙනවා.

“සුවපෙත” යනුවෙන් නම් කර ඇති මෙය සම්පුර්ණයෙන්ම නොමිලේ ක්‍රියාත්මක වන්නක්.

ලෝක සෞඛ්‍ය සංවිධානය මේ සඳහා දායකත්වය ලබා දී ඇති අතර “සුවපෙත” ජංගම යෙදවුම නිර්මාණය කර ඇත්තේ බස්හිනාහිර පළාත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා ඒකකයේ මැදිහත් වීමෙන්.

මෙම ජංගම යෙදවුම නිර්මාණය කිරීමේ කාර්යයට ලෝක සෞඛ්‍ය සංවිධානයේ ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය පද්ධති , ප්‍රතිපත්ති සහ ඇගයීම් පිලිබඳ නිලධාරි ආචාර්ය පද්මල් ද සිල්වා , බස්නාහිර පළාත් සෞඛ්‍ය සේවා කාර්යාලයේ ආචාර්ය යුදිස්තිරා වෙඩිසිංහ, තොරතුරු තාක්ෂණ ව්‍යාපෘති සඳහා උපදේශක ලුතිනන් කර්නල් එල්ආර්කේ (විශ්‍රාමික) කහඳගමගේ, මොරටුව විශ්ව විද්‍යාලයේ ටයොන් ජයවර්ධන යන මහත්ම මහත්මීන් පිරිසක් දායක වී තිබෙනවා.

තව දුරටත් මෙරට රෝග ව්‍යාප්තිය පිලිබඳ නවතම තොරතුරුද සමගින් ජනතවගේ පහසුව උදෙසා මෙම යෙදවුම නවීකරණය කීරීමටද සැලසුම් කර තිබෙනවා.

මෙතනින් බාගත කරන්න 🖐

About The Author