ජනතාවගේ නොසැලකිල්ල ප්‍රධාන හේතුව බව සෞඛ්‍ය අංශ පෙන්වා දෙයි
මේ වන විට නැවත කොරෝනා වසංගතයේ වේගවත් ව්‍යාප්තියක් සිදුව ඇති බව සෞඛ්‍ය බලධාරීන් පෙන්වා දෙනවා.
අනුරාධපුර අම්පාර හම්බන්තොට මාතර ගාල්ල යන දිස්ත්‍රික්වල කොරෝනා ආසාදිතයන් පොකුරු වශයෙන් යළි මතු වීමේ ප්‍රවණතාවයක් දක්නට ඇති බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා සඳහන් කරනවා.
ඔහු පෙන්වා දෙන්නේ මංගල උත්සව, මළ ගෙවල්, පින්කම් ආදී මහජනතාව ඒකරාශී වන සිදුවීම් හේතුවෙන් මෙම තත්වය නිර්මාණය වෙඑඑ ඇති බවයි.
මේ අතර පොහොය දිනද ඇතුළු දීර්ඝ සති අන්තයේ ජනතාවගේ හැසිරීම කණගාටුදායක බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය සඳහන් කරනවා.
ඔවුන් පෙන්වා දෙන්නේ මේ වන විටත් ජනතාව කොරෝනා අවධානම නොතකමින් විනෝද සවාරි සංවිධානය කරමින් කටයුතු කරන බවයි.
සංචාරණ සීමා, ඇතුළු කිසිදු සෞඛ්‍ය මාර්ගෝපදේශයක් ඔවුන් මායිම් නොකරන තත්වයක් ඇති බව පෙනෙන්නට ඇතැයි ද එම සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා පැවසුවා.
පාසල් දරුවන් සහ ගුරුවරු අනතුරක : පවුල් වල සාමාජිකයින් ද අනතුරේ
මේ අතර පවතින තත්වය සමඟ ප්‍රදේශ රැසක පාසල් දරුවන් සහ ගුරුවරුන් අතර කොරෝනා රෝගය වේගයෙන් ව්‍යාප්ත වෙමින් පවතින බවද වාර්තා වනවා.
රිජ්වේ ආර්ය ළමා රෝහලේ ළමා රෝග විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා පවසන්නේ දරුවන් අතර කොරෝනා ව්‍යාප්තිය ඉහළ ගියහොත් පාසල් පවත්වාගෙන යාම සම්බන්ධයෙන් අවධානමක් මතුවන බවයි.
මේ වන විටත් බස්නාහිර, මධ්‍යම , දකුණ සහ උතුරු මැද පළාත්වල වැඩි වශයෙන් පාසල් ප්‍රජාව අතර කොරෝනා රෝගය ව්‍යාප්ත වී ඇති බවයි වාර්තාවන්නේ.
බොහෝ දෙනා තමන් ආසාදිතයින් බව නොදැන ක්‍රියාකරන බව හෙළිව තිබෙනවා.
දරුවන් අතර රෝගය ව්‍යාප්ත වීම සමග නිවෙස් වල සාමාජිකයින්ටද රෝගය වැළදීමේ අවදානමක් ඇතිව තිබෙන බවයි රජයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා පවසන්නේ.
කෙසේ නමුත් මේ දක්වා බරපතල තත්වයේ රෝගීන් වාර්තා වී නොමැති බවද පෙන්වා දෙන රෝහණ මහතා අවධාරණය කරන්නේපවතින තත්වය අවබෝධ කරගනිමින් කටයුතු නොකළහොත් බරපතල ප්‍රති විපාක වලට මුහුණ දීමට සිදුවනු ඇති බවයි.
දරුවන් මුව ආවරණ නොමැතිව සිටීම සහ සමවයස් මිතුරන් සමග එක්ව ආහාර ගැනීම වැනි ක්‍රියාකාරකම් හේතුවෙන් රෝග ව්‍යාප්තිය වේගවත් වී ඇති බවයි ඔහු පෙන්වා දෙන්නේ.
තත්වය දිගින් දිගටම පැවතිය හොත් ඉදිරියේදී නැවත පාසල් වසා දැමීමට සිදුවනු ඇති බවටද ඔහු අනතුරු අඟවනවා.
පාසල් වල සියලු ශ්‍රේණි එළඹෙන සදුදා සිට විවෘත කෙරේ
කෙසේ වුවද රජය තීරණය කර තිබෙන්නේ පාසල්වල සියලු ශ්‍රේණි එළඹෙන සඳුදා ( 22 ) වනදා සිට විවෘත කිරීමටයි.
එයට අදාළ මාර්ගෝපදේශ මාලාවක්ද මේ වන විට නිකුත් කර තිබෙනවා.
අත නොහැර කියවන තැන
ජනාධිපති අනුර කුමාර දිසානායක ජාතිය අමතා සිදු කළ විශේෂ ප්‍රකාශය
රට අනුරට යයි – අනුර ජනපති පුටුවට එයි
සෙනඟ 3000 ක පැකේජයක් ලක්ෂ 45 – පක්ෂයේ පාටින් ඇඳුම් අන්දා එවයි