Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

කොරෝනා එන්නත්කරණය නතර කර දමයි

කොවිඩ් එන්නත් කිරීමේ වැඩසටහන රජය විසින් 31 වනදා රාත්‍රියේ සිට තාවකාලිකව අත්හිටුවා ඇති බව වාර්තා වනවා.

කොවිඩ් රෝග පාලන කටයුතු භාරව කටයුතු කරන රාජ්‍ය අමාත්‍ය සුදර්ශනි ප්‍රනාන්දු පුල්ලේ මහත්මිය පැවසුවේ ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා එන්නත් ලබා ගැනීම සම්බන්ධයෙන් ඇති වූ ප්‍රමාදය හේතුවෙන් එන්නත් කිරීමේ වැඩසටහන තාවකාලිකව අත්හිටුවීමට සිදු වූ බවයි.

මේ වන විට ඉන්දියාවෙන් ඇනවුම් කරන ලද එන්නත් තොග නියමිත වෙලාවට මෙරටට ලැබීම සම්බන්ධයෙන් මතු වී ඇති මතභේදාත්මක තත්වයක් හේතුවෙන් මෙම තීරණය ගෙන ඇති බව සඳහන්.

ඒ අනුව අපේක්ෂිත තොගය නියමිත වේලාවට නොපැමිණෙන්නේ නම්, දෙවන මාත්‍රාව සඳහා දැනට පවතින එන්නත් තොගය රඳවා ගැනීමට තීරණය කර තිබෙනවා.

ඇස්ට්‍රාසෙනෙකා එන්නතෙහි දෙවන මාත්‍රාව එහි පළමු මාත්‍රාව ලබා දුන් ජනතාවට ලබා දීම 2021 අප්‍රේල් 19 වන දින සිට ආරම්භ කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා.

2021 ජනවාරි 29 වන දින සිට එන්නත් කිරීමේ වැඩසටහන ආරම්භ කළ දින සිට මේ දක්වා ලක්ෂ නමයකට වැඩි පිරිසක් එන්නත්කරණයට ලක් කර ඇති බවයි වාර්තාවන්නේ.

About The Author