රුපියල් 6500 සීමාව ඉක්මවා PCR පරීක්ෂණවලට මුදල් අය කිරීම මින් ඉදිරියට නවත්වන ලෙස කොවිඩ් වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පෞද්ගලික රෝහල් හතරකට නිල වශයෙන් දැනුම් දී තිබෙනවා.
කොවිඩ් වැළැක්වීමේ ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා, සෞඛ්‍ය අධ්යක්ෂ ජනරාල් අසේල ගුණවර්ධන ඇතුළු කොවිඩ් මර්දන ප්‍රධානීන් එම රෝහල් හතරේ ප්‍රධානීන් කැඳවා මේ බව දැනුම් දී ඇති බවයි වාර්තා වන්නේ.
කොරෝනාව ගරානාවක් කරගනිමින් PCR පරීක්ෂණ සදහා මෙලෙස හිතුමනාපයේ මුදල් අයකරන රෝහල් විසින් වාහනයේ සිටම (DRIVE THRU) ක්‍රමයටද PCR පරීක්ෂණ පැවැත්වීම පිළිබදවද වාර්තා වුණා.
ඇතැම් රෝහල් PCR පරීක්ෂණ සදහා රුපියල් 8500 – 13000 අතර මුදලක් අය කර ඇති බවද වාර්තා වනවා.
එමෙන් ම වාහනයේ සිටම (DRIVE THRU) ක්‍රමයට සිදු කරන පරීක්ෂණයකට අය කර ඇති මුදල රුපියල් 19000ක් බව ද හෙළි වී තිබෙනවා.
අත නොහැර කියවන තැන
ආණ්ඩුවේ ආයතනයකින් විමල්ගේ “සඳේ ගින්දර” නිවන්න හදලා – නිවන්න දෙන්නේ නෑ, වෙන තැනක සිට අවුලුවන බව කියයි – බාධා කළ අයට නීති මාර්ගයෙන් පියවර
මාධ්‍යවේදීයෙකු පැහැරගෙන ගොස් මරා දැමීමට තැත්කළ බවට සැක හිටපු හමුදා බුද්ධි නිලධාරීන් දෙදෙනෙකු අත්අඩංගුවට
‘අභිචෝදක තනතුර’ නීතිය දේශපාලනයට යටකිරීමක් – හිටපු අගවිනිසුරුවරයෙක් ආණ්ඩුවට අනතුරු අඟවයි