යුධ හමුදාපති හොඳ නායකයෙක් – PHI සංවිධානයෙන් සහතිකයක්
කොරෝනා මරණ සහ ආසාදිතයින් සංඛ්‍යාව පිළිබඳ යාවත්කාලීන වන සත්‍ය තොරතුරු විකෘති කිරීමේ සැලැස්මක් පිළිබඳ රජයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය හෙළිදරව් කරනවා.
එම සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා සඳහන් කරන්නේ මේ වන විට සිදු කරන PCR පරීක්ෂණ සංඛ්‍යාව සිතාමතාම අවම කරමින් රෝගීන් සංඛ්‍යාව අඩු බව පෙන්වීමටත්, කොරෝනා මරණ පිළිබඳව තීරණය කිරීම සඳහා හඳුන්වා දී ඇති නිර්ණායක හේතුවෙන් කොරෝනා මරණ සංඛ්‍යාව අඩු කොට දැක්වීමටත් සෞඛ්‍ය අධ්යක්ෂ ජනරාල්වරයා උත්සාහ කරමින් සිටින බවයි.
කෙසේ වෙතත් රට වසා දමා ඇති කාලය තුළ වාර්තා වන රෝගීන් සහ මරණ සංඛ්‍යාව හා පැහැදිලි අඩුවක් පෙනෙන්නට ඇති බවද ඔහු සඳහන් කළා.
හමුදාවට සහ හමුදාපතිවරයාට සහතිකයක්
කොරෝනා මර්දන ක්‍රියාවලිය තුළ හමුදාවේ මැදිහත් වීම සම්බන්ධයෙන් ද අදහස් පළ කළ මහතා පෙන්වා දුන්නේ කොරෝනා මර්දනය කිරීමේ ජනාධිපති කාර්ය සාධක බලකායේ ප්‍රධානියා ලෙස වෛද්‍යවරයකු පත්වූයේ නම් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට විවිධ හිරිහැර වලට මුහුණ දීමට සිදුවන බවයි.
නමුත් යුද හමුදාපතිවරයා සාර්ථක ලෙස කොරෝනා මර්දන ක්‍රියාවලිය වෙනුවෙන් තමන්ට නායකත්වය ලබාදෙමින් සිටින බව ඔහු සඳහන් කළා.
යම් යම් අඩුපාඩුවක් ගැටලු පැවති නමුත් මේ වන විට ඉන් බොහෝමයක් සමථයකට පත්කර ගැනීමට හැකිව ඇති බව ද උපුල් රෝහණ මහතා සඳහන් කළේ Mee Massoo TV සමඟ විශේෂ සාකච්ඡාවකට එක්වෙමින්.
අත නොහැර කියවන තැන
ජනාධිපති අනුර කුමාර දිසානායක ජාතිය අමතා සිදු කළ විශේෂ ප්‍රකාශය
රට අනුරට යයි – අනුර ජනපති පුටුවට එයි
සෙනඟ 3000 ක පැකේජයක් ලක්ෂ 45 – පක්ෂයේ පාටින් ඇඳුම් අන්දා එවයි