ආනයනික කිරිපිටි කිලෝවක මිල රුපියල් 150 කින් ද,ග්‍රෑම් 400 පැකට්ටුවක මිල රුපියල් 60 කින් ද, අද(30) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉහල දැමූ බව කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක අශෝක බණ්ඩාර මහතා පවසනවා.
රුපියල් 1195 ක්ව පැවැති කිරිපිටි කිලෝවක නව මිල රුපියල් 1345 ක් දක්වා ද, රුපියල් 480 ක්ව පැවති ග්‍රෑම් 400 පිටිකිරි පැකට්ටුවක නව මිල රුපියල් 540 ක් දක්වා ද ඉහල දැමූ බව කී අශෝක බණ්ඩාර මහතා නව මිල අද සිට ක්‍රියාත්මක වන බව ද සඳහන් කළා.
සමාගම් සතුව පවතින තොග මට්ටම අනුව ඒ ඒ සමාගම්වල කිරිපිටි මිල ඉහළ යාමේ දිනය තීරණය වන බවත් මේ වන විටත් තොග තිබෙන සමාගම්වල කිරිපිටි වර්ග ඊයේ සිට ඉහල යනු ඇති බවත් බණ්ඩාර මහතා පැවසුවා.
කිරිපිටි මිල ඊයේ කළ වැඩිවීම සාධාරණ කාලයක් පවත්වා ගෙන යාහැකි බවට තමන් විශ්වාස කරන බවත් ලෝක වෙළෙඳපොළේ කිරිපිටි මිල අඩු වුවහොත් අනිවාර්යෙන්ම එහි වාසිය පාරිභෝගිකයන්ට ලබා දීමට කටයුතු කරන බවත් ඔහු අවධාරණය කළා.
පසුගිය මාස දෙකක පමණ කාලයක තුළ ලෝක වෙළෙඳපොළේ කිරිපිටි මිල ඉහළ යාම පිළිබඳ අවධානය යොමු කරමින් මෙම මිල ඉහළ දැමීම කළ බව කී බණ්ඩාර මහතා පැවසුවේ මිල ඉහළ නොදැමූවේ නම් සමාගම් දිගින් දිගටම පාඩු ලබමින් වසා දැමීමට සිදුවන බවයි.
පසුගිය අගෝස්තු සහ සැප්තැම්බර් මාසවල නැව් ගාස්තු නොමැතිව කිරිපිටි මෙට්‍රික්ටොන් එකක් ඩොලර් 3500 කට පැවති බවත් සදහන් කල බණ්ඩාර මහතා මේ වන විට කිරිපිටි මෙට්‍රික්ටොන් එකක් ඩොලර් 3900 ත් 4000 ත් අතර මිලක් දක්වා ඉහළ ගොස් එයට ඉහළ ගිය නැව් ගාස්තු ද එකතු කළ විට කිරිපිටි මෙට්‍රික්ටොන් එකක් ආනයනය කිරීමට ඩොලර් 4200 ක් පමණ වැය වන බව ද පෙන්වා දුන්නා.
කිරිපිටි සමාගම් පසුගිය වසර 10 ක පමණ කාලය තුළ ඉතාමත්ම අඩු ලාභයක් ලැබූ බව සඳහන් කළ බණ්ඩාර මහතා මෙම මෙම මිල වැඩි කිරීම තුළින්ද එම සමාගම් පිරිවැය ආවරණය කරගනිමින් ඉතාමත්ම සුළු ලාභයක් ලබන බවද සඳහන් කළා.
කෙසේ වෙතත් මේ වන විට වෙළඳපොළ තුළ දැඩි කිරිපිටි හිඟයක් නිර්මාණය වී තිබෙනවා.
අත නොහැර කියවන තැන
මහජන ආරක්ෂක අමාත්‍යධුරය ෆොන්සේකාට – දුන්නොත් භාරගන්නවා ඉල්ලන්න අයිතියක් නෑ ෆොන්සේකා කියයි
ආණ්ඩුවේ ආයතනයකින් විමල්ගේ “සඳේ ගින්දර” නිවන්න හදලා – නිවන්න දෙන්නේ නෑ, වෙන තැනක සිට අවුලුවන බව කියයි – බාධා කළ අයට නීති මාර්ගයෙන් පියවර
මාධ්‍යවේදීයෙකු පැහැරගෙන ගොස් මරා දැමීමට තැත්කළ බවට සැක හිටපු හමුදා බුද්ධි නිලධාරීන් දෙදෙනෙකු අත්අඩංගුවට