හූව මැදින් විමල් ගිය පසු නාමලුත් ඇවිත් ගිහින්
කිරින්ද වෙරළ තීරයේ ඇති ගානට් සහ ඉල්මනයිට් ඛනිජ සම්පත් ලබාගැනීමේ ව්‍යාපෘතියක් රජය යටතේ ක්‍රියාත්මක කිරීමට කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා කළ යෝජනාවකට කිරින්ද ප්‍රදේශයේ පිරිසක් දැඩි විරෝධයක් එල්ල කිරීමේ සිදුවීමක් පසුගියදා (27) වාර්තා වුණා.
තිස්සමහාරම, කිරින්ද වෙරළ තීරයේ ඇති ගානට් සහ ඉල්මනයිට් අඩංගු වැලි විශේෂ රජයට ලබාගැනීම වෙනුවෙන් ජනතාව දැනුවත් කිරීමේ හමුවක් කිරින්ද ප්‍රජා ශාලාවේදී පැවැති අතර කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා පෙන්වා දුන්නේ රජය යටතේ අදාළ ව්‍යාපෘතිය ක්‍රියාවට නංවමින් රටට අදායම් ඉපදවිය හැකි බවයි.
මේ වෙනකොටත් ඉන්දියාව සමග ගිවිසුමක් ගහලා
මෙම සාකච්ඡාවේදී අනාවරණය වුයේ මානව සම්පත් සුබසාධන සංගමය නම් ප්‍රදේශයට සම්බන්ධ සංවිධානයක පිරිසක් මේ වන විටත් ඉන්දියාව සමග මෙම ව්‍යාපෘතියට අදාළව ගිවිසුමකට එළඹී ඇති බවයි.
එහිදී වීරවංශ මහතා පැවසුවේ රජයේ මැදිහත් වීම මත මෙම ව්‍යාපෘතිය ආරම්භ කිරීමට තමා සුදානම් බව චමල් රාජපක්ෂ සහ නාමල් රාජපක්ෂ අමාත්‍යවරුන් සමග සාකච්ඡා කල බවත් එහිදී ප්‍රදේශයේ ජනතාවගේ යම් යම් නොසන්සුන්තාවයක් පවතින බව ඔවුන් තමන්ට පැවසු බැවින් තමා ප්‍රදේශයේ ජනතාව හමුවී සාකච්ඡා කිරීමට පැමිණි බවත්ය.
කෙසේ වෙතත් ප්‍රදේශ වාසීන් නියෝජනය කරන පිරිසක් පැවසුවේ තම සමිතියෙන් ඉන්දියාවේ සහය ඇතිව අදාළ ව්‍යාපෘතිය කරගෙන යාමට බාධා නොකරන ලෙසයි.
ඉන්දියාව එක්ක ඛනිජ වැලි ගොඩ දාන්න ඉඩ දෙන්න කියා ජනතාව ඉල්ලයි
ඔවුන් පැවසුවේ ඉන්දියාව සමග තමා ඇතිකරගෙන සිටින ගිවිසුම අනුව කටයුතු කරන බවයි.
අදාළ ගිවිසුමද මාධ්‍යයට ඉදිරිපත් කළ මානව සම්පත් සුභසාධක සංවිධනයේ සභාපති ටී.එච් නිරංජන් මහතා සඳහන් කළේ ප්‍රදේශයේ ජනතා නියෝජිතයා වන චමල් රාජපක්ෂ මහතාට ඉහලින් තීරණ ගැනීමට කිසිවෙකුට නොහැකි බවයි.
විමල් වීරවංශ මහතා අදාළ ඉන්දියානු ගිවිසුමේ නීත්‍යනුකුල භාවය ප්‍රශ්න කිරීමට යාමත් සමග උණුසුම් කාරී වාතාවරණයක් නිර්මාණය වූ අතර විමල් වීරවංශ මහතා එම ස්ථානයෙන් පිටව ගියා.
ඒ ජනතවගේ හූ හඬ මධ්‍යයේයි.
වාර්තාවන අන්දමට එලෙස ජනතා විරෝධය මැද විමල් වීරවංශ මහතා එම ස්ථානයෙන් පිටව ගිය පසු අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා එම ස්ථානයට පැමිණ තිබෙනවා.
අත නොහැර කියවන තැන
මහජන ආරක්ෂක අමාත්‍යධුරය ෆොන්සේකාට – දුන්නොත් භාරගන්නවා ඉල්ලන්න අයිතියක් නෑ ෆොන්සේකා කියයි
ආණ්ඩුවේ ආයතනයකින් විමල්ගේ “සඳේ ගින්දර” නිවන්න හදලා – නිවන්න දෙන්නේ නෑ, වෙන තැනක සිට අවුලුවන බව කියයි – බාධා කළ අයට නීති මාර්ගයෙන් පියවර
මාධ්‍යවේදීයෙකු පැහැරගෙන ගොස් මරා දැමීමට තැත්කළ බවට සැක හිටපු හමුදා බුද්ධි නිලධාරීන් දෙදෙනෙකු අත්අඩංගුවට