2012 ආණ්ඩුවේ ආර්ථික ඝාතකයා සොයා ගත් ඇමති විමල් නිහඬ බව බිදී : අර්බුදය රටට හෙළිකරයි
ආණ්ඩුවේ කැබිනට් මණ්ඩලය තුළ මේ වන විට පැසිස්ට් සහ ඒකාධිපති පන්නයේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක වන බව හෙළිව තිබෙනවා.
කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා විසින් මෙම කරුණු මුල්වරට මාධ්‍යයට අනාවරණය කර තිබෙන අතර ඔහු පෙන්වා දෙන්නේ වසංගතයක් පවතින අවස්ථාවක රටේ සැබෑ තත්ත්වය පිළිබඳ හඳුනා ගැනීමක් සිදු නොකරමින් කැබිනට් මණ්ඩලය තුළ තීරණ ගනු ලබන බවයි.
ඇතැම් අමාත්‍ය මණ්ඩල පත්‍රිකා ඉදිරිපත් කල වහාම සම්මත කරගන්නා බවත් ඒවා ප්‍රමාණවත් සාකච්ඡාවක් සඳහා විවෘත නොවන බව ද අමාත්‍ය විමල් වීරවංශ මහතා පෙන්වා දෙනවා.
රසායනික පොහොර භාවිතය තහනම් කිරීම සඳහා ජනාධිපතිවරයා ගනු ලැබූ තීරණය සම්බන්ධයෙන් ද විමල් වීරවංශ මහතා මෙහිදී අදහස් පළ කළා.
එහිදී ඔහු අවධාරණය කළේ ඇතැම් දේවල් පිළිබඳව ප්‍රමාණවත් සාකච්ඡාවක් ආණ්ඩුව තුළ සිදුවූයේ නම් ඇතැම් දේවල් මීට වඩා නිවැරැදිව කළ හැකිව තිබූ බවයි.
විමල් වීරවංශ මහතා 2012 වසරේ දී ද මුදල් අමාත්‍යාංශ ලේකම් පී බී ජයසුන්දර මහතා ඉලක්ක කරගනිමින් ආර්ථික ඝාතකයකු රටේ ආර්ථිකය විනාශ කරමින් සිටින බවට චෝදනා එල්ල කළා.
අද පී බී ජයසුන්දර මහතා කටයුතු කරන්නේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ ජනාධිපති ලේකම්වරයා ලෙස වීම විශේෂත්වයක්.
අත නොහැර කියවන තැන
ඉරාන්ලා හර්ෂලා බුද්ධිමත් මෝඩයෝ – අනුරගේ එක කෝමද ඒකට අපේ ලොක්කගේ එක ඇහුන ගමන් ඩෝපර්ලා නටනවා – සජබ අවුල දිගටම පුපුරයි
සජිත්ගේ වේදිකාව ළඟ ඇවිලෙයි – එක හරක් පැටියෙක් අරන් ගොම දාගන්න එපා කියා රෝහිණී සැර වෙයි
1999 ජවිපේ ජනාධිපති අපේක්ෂක මාධ්‍ය හමුවක – ප්‍රේමකීර්ති ඝාතනයත් ජවිපේ ගිණුමට එක්කරයි – රටට වූ හානියට වරද පිළිගනී