Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

කාලා හමාරයි – තොග ඇත්තේ මසකට පමණයි !

අත්‍යවශ්‍ය ආහාර ආනයනය නවත්වන්නට වෙන බව ආනයනකරුවන් අනතුරු අඟවයි

විදේශයන්ගෙන් මෙරටට ආනයනය කර ඇති අත්‍යවශ්‍ය ආහාර ද‍්‍රව්‍ය අඩංගු කන්ටේනර වරායෙන් නිදහස් කරගැනීමේදී විවිධ අපහසුතා ඇති ව තිබෙන බව ආහාර ආනයනකරුවන්ගේ සංගමය සඳහන් කරනවා.

මේ හේතුවෙන් ඉදිරියේදී රටට අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය හිඟයක් ඇති වීමේ අවදානමක් මතුව ඇති බව එම සංගමයේ මාධ්‍ය ප්‍රකාශක නිහාල් සෙනෙවිරත්න මහතා පවසනවා.

මේ වන විටත් ආනයන කරන ලද අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය අඩංගු කන්ටේනර 800ක් පමණ වරායේ රඳවා ඇති බව ද පෙන්වා දෙන ඔහු ඒවා කඩිනමින් නිදහස් කර ගැනීමට නොහැකි වුවහොත් දැඩි ආහාර හිඟයක් ඇති වන බවද පවසනවා.

මේ සම්බන්ධයෙන් රජය ක්‍රියාත්මක වී නිසි විසඳුමක් ලබා දෙනු ඇතැයි තම සංගමය අපේක්ෂා කරන බවත් එසේ නොමැති වුවහොත් ආනයන සියල්ල නවතා දැමීමට සිදු වන බවත් දැනට ඇති ආහාර තොග ප‍්‍රමාණවත් වන්නේ ඔක්තෝබර් මස අවසන් වන තෙක් පමණක් බවත් ඔහු වැඩි දුරටත් සඳහන් කරනවා.

© මුලාශ්‍රය – Lanka C News

About The Author