කටුගස්තොට සියඹලාගස්තැන්නේ රෝමානු කතෝලික දේවස්ථානයේ පසුගිය ඉරිදා පැවති කළු ඉරිදා දේව මෙහෙයට කුරාණයේ පිටපත් කීපයක් රැගෙන පැමිණි කාන්තාවක් පොලිස් භාරයට පත්ව තිබෙනවා.
අදාල කාන්තාව දේවස්ථානයට ඇතුළු වීමට පැමිණි අවස්ථවේ අයගේ හැසිරීම පිළිබඳ යම් සැකයක් මතුව ඇති අතර එහිදී ඇය, ඉංග්‍රීසි ආරට හුරු නමකින් තමන් හඳුන්වා දී තිබෙනවා.
තව දුරටත් ඇගේ හැසිරීම පිළිබඳ සැක සිතූ අවස්ථාවේ ඇගෙන් වැඩිදුරටත් ප්‍රශ්න කර ඇති බව සඳහන්.
එහිදී 53 හැවිරිදි අදාළ කාන්තාව තම සැබෑ නම බව පවසා මුස්ලිම් නාමයක් සඳහන් කර ඇති බවයි වාර්තාවන්නේ.
මෙම පරස්පර අනන්‍යතා හෙළි කිරීම සහ සැකකටයුතු හැසිරීමත් සමග ඇය කටුගස්තොට පොලිසිය විසින් පොලිස් භාරයට ගෙන තිබෙනවා.
අත්අඩංගුවට ගත් කාන්තාව කටුගස්තොට ප්‍රදේශයේ පදිංචිකාරියක වන අතර සිද්ධිය සම්බන්ධයෙන් මහනුවර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සී.කේ. රත්නායක මහතාගේ අධීක්ෂණය යටතේ පොලිස් පරීක්ෂණ ක්‍රියාත්මකයි.


අත නොහැර කියවන තැන
පොලිසිය මාධ්‍යවේදියාගෙන් සමාව ගනී..
ගාල්ල මහ නගර සභාවේ උණුසුම් තත්ත්වයක්
“ඉවත් වෙනු” තිබුණත්, මෙරට අයිස් මත්ද්‍රව්‍ය භාවිතය ඉහළට