Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

කසිප්පු නිෂ්පාදනයට තමන් උර දුන් හැටි ආණ්ඩුවේ ලොක්කෙක් පැහැදිලි කරයි

කසිප්පු යනු මෙරට ගම් වල සංස්කෘතික අංගයක් බව ද සබරගමුව විශ්ව විද්‍යාලයේ කථිකාචාර්යවරයකු ද සහ වියත්මග සංවිධනයේ සාමාජික වර්තමානයේ ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩල සභාපති මහින්ද පතිරණ මහතා සඳහන් කරනවා.

තමන්ද කසිප්පු පෙරීම සඳහා දර ගෙනත් දී දායක වී ඇති අයුරු රසවත් ලෙස සිහිපත් කරන ඒ මහතා ගෙදරදී සද ගත හැකි මධ්‍යසාර ගැනද සටහනක් තබා තිබෙනවා.

ඔහු මේ බව සඳහන් කරන්නේ තම සමාජ ජාල ගිණුමේ සටහනක් තබමිනි.

එම සම්පූර්ණ සටහන මෙසේය.

කසිප්පු කියන්නෙ අපේ ගම්වල සංස්කෘතික අංගයක්. හැම ගමකට ම කසිප්පු ගෙවල් දෙක තුනක් තියෙනව. පුංචි කාලේ අපි අත්තනගලු ඔයේ නාන්න ගියාම, ඔයේ සැඟවුණු තැන්වල කසිප්පු පෙරන හැටි මම ලඟ ඉඳල බලාගෙන ඉන්නව.

බැරල් එක ලිපේ තියල රත්කරන කොට ගෝඩා පැහෙනව. හැලිය⁣ට දර මදි වෙනකොට අපි දර එහෙම ගෙනත් දෙනවා. ගෝඩා පැහෙනකොට බැරල් එකෙන් වතුර හරහා දාලා තියෙන තඹ දඟරෙ හරහා එන හුමාලය වතුර වෙලා නිල්පාට කෑන් එකකට වැක්කෙරෙනවා. ඒවට කියන්නෙ ඉස්ප්‍රිට් කියල. ඒවා නිකං බොන්න බැරි බව පෙරපු අයියල කියනව.

ඔය ගෝඩා හැලිවලට සරපයි එහෙම වැටෙනව කියන එක හිතන්න පුළුවන්. මොකද ඒව හරිම සුවඳයි. සුවඳට බොන්න යන සත්තු ඊට වැටෙනව. ගෝඪ හැලි කැලේ හංගල පැහෙන්න තියෙනව. පැහුණට පස්සෙ තමා පෙරන්න ගන්නෙ.

ඒකාලෙ නම් ගෝඩා හැදු⁣වෙ සක්කරා කියල හකුරු වර්ගයකින්. ලොකු හකුරු කෑලි. සීනිත් දානව. දැන් නම් කොහොමද දන්නෙ නැ. කාලෙකින් කසිප්පු පෙරනව දැකල නැ. සර්ප කතාව නිසා සමහරු කසිප්පු පිළිකුල් කරනවා.

ඒත් ලෝකයේ හොඳම අරක්කු වර්ගවල නයි එහෙම දාලාම බෝතල් කරල තියෙනව. ඒව හරිම මිළ අධිකයි. බොන්න කලින් බෝතලය හෙලෙව්වාම නයා දිය වෙනවා.

කසිප්පු පෙරනකොට ගෝඩාවලට ඔය මොනව දැම්මත් ස්ප්‍රිට් එකට එන්නෙ හුමාලය. කටුකම්බි, මදුරු දඟර එහෙමත් දානව වෙන්න පුළුවන්. මොකද පෙරන අයට ඕන පුළුවන් තරම් සැර ස්ප්‍රිට් ගන්න. එතකොට බෝතල් ගාන වැඩි වෙනවා. අරක්කුවලටත් මොනව දානවද කියල කවුද දන්නෙ.

කසිප්පු හෝ එවැනි පෙරාගත් සුරාපාන ලංකාවේ හැම ගමකම තියෙන්නෙ ඇති. මට මතකයි ‘ටොප්’ කියල තව වර්ගයක්. ඒව ගෙදරදිම පෙරාගන්න පුළුවන් එකක්. වැඩිය සැර නැ. ‘ ‘ රා’වලට වඩා ටිකක් සැරයි.

About The Author