Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

කවුද ? මොකද වෙන්නේ ? කවුද ඉතිං දන්නේ ? පන්නයේ වැඩක් අද සිද්ධ වෙලා

ගුරු – විදුහල්පති වෘත්තිය සමිති සමඟ සාකච්ඡා කළ බව අගමති කියයි : අපි හිටියේ නෑනේ ගුරු වෘත්තිය සමිති කියයි

ගුරු විදුහල්පති වැටුප් ඉතිං අර්බුදයට විසදුම් ලබාදීම සඳහා තමා මැදිහත් වන බව මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් පසුගියදා සඳහන් කළා.

ඒ නාරාහෙන්පිට අභයාරාම විහාරස්ථානයේදී ගුරු වෘත්තිය සමිති සහ දේශපාලන කීප දෙනෙකුද හමු වෙමින් පැවති වැඩසටහනින් අනතුරුවයි.

ඒ අනුව මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් විසින් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හමුවීම සඳහාත් සාකච්ඡා කිරීම සඳහාත් අද දිනයේ වේලාවක් වෙන් කර ගෙන තිබුණා.

එමෙන්ම එම සාකච්ඡාව ද පවත්වා තිබෙනවා.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ නිල ෆේස්බුක් පිටුවෙහි අදාළ හමුව පිළිබඳ සඳහන් කර ඇත්තේ මේ අයුරින්..

ගුරු වෘත්තීය සමිති නියෝජිත හමුවඅධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා හා නාරාහේන්පිට අභයාරාමාධිපති, බස්නාහිර පළාත් ප්‍රධාන සංඝනායක පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් සමඟ පැමිණි ගුරු වෘත්තීය සමිති නියෝජිත පිරිසක් සහ මා අතර හමුවක් අද (11) දින අරලියගහ මන්දිරයේ දී මීට සුලු මොහොතකට පෙර පැවැත්විණි.

ගුරු – විදුහල්පති වෘත්තීය සමිති කියන කතාව

කෙසේ වෙතත් ගුරු විදුහල්පති වැටුප් විෂමතාව සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා තමන්ට ආරාධනා නොකළ බව මෙරට ප්‍රධානතම ගුරු විදුහල්පති වෘත්තීය සමිති නියෝජනය කරන වෘත්තීය සමිති නායකයන් පවසනවා.

මෙය හතර බීරි කතාව නොවේද ?

එසේ නම් අගමැතිවරයා මුණගැසුනු ගුරු වෘත්තීය සමිති නායකයින් කවුද ?

ගුරු විදුහල්පති වෘත්තිය සමිති පෙන්වා දෙන්නේ මේ තත්ත්වය තුළ තවදුරටත් ප්‍රශ්නය අර්බුදයක් කරා ගමන් කරනු ඇති බවයි.

මුරුත්තෙට්ටුවේ හිමියන්ගේ ප්‍රතිචාරය

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් අදහස් දක්වන මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් සඳහන් කළේ මුලික මට්ටමේ සාකච්ඡාවක් අද(11) පාත්වුන් නමුත් හෙට අදාළ ගුරු සංගම් සමඟ මේ පිළිබඳ සාකච්ඡාවක් පැවැත්වීමට නියමිත් බවයි.

About The Author