දත්ත මකලා තියෙන්නෙ ගෙදර ඉදලා එළිවෙනකන් බවත් හෙළිකරයි
ජාතික ඖෂධ නියාමන අධිකාරියේ දත්ත පද්ධතිය මකා දැමීම සම්බන්ධයෙන් ප්‍රකාශයක් සටහන් කර ගැනීම සඳහා මගි ජන බලවේගය පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මනුෂ නානායක්කාර මහතා අද(30) පෙරවරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කැඳවා තිබුණා.
ඔහු එහි පැමිණ තිබුණේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු මන්ත්‍රීවරු පිරිසක් ද සමඟයි.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ ප්‍රකාශයක් ලබාදීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් නුෂ නානායක්කාර මන්ත්‍රීවරයා සඳහන් කළේ අදාල තත්ත්ව මකා දැමීම හේතුවෙන් වාසි අත්පත් කරගත් පිරිස සම්බන්ධයෙන් සොයාබලා පර්යේෂණ සිදු කළ යුතු බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ඉල්ලා සිටි බවයි.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ ප්‍රකාශයක් ලබාදීමෙන් පසුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මෙසේ පැවසුවේය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා මෙසේද කීවේය.
ජාතික ඖෂධ නියාමන අධිකාරියේ දත්ත පද්ධතිය මැකි යාම පිළිබද තමයි අද මගෙන් ප්‍රශ්ණ කරනු ලැබුවේ. මේ දත්ත පද්ධතිය මැකී යාම ගැන ටෙලිකොම් ආයතනය විසින් පැමිණිල්ලක් කර තිබෙනවා. අපේ යුතුකම හා වගකීම වෙන්නේ, අපිට අවශ්‍ය වෙන්නේ ඉතාමත් සංවේදී දත්ත පද්ධතියක් වන ඖෂධ නියාමන අධිකාරියේ දත්ත පද්ධතිය මැකුවේ කවුද? මැකුනේ කොහොමද කියන එක හෙළිදරව් කරගැනීම.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ලෙස පාර්ලිමේන්තුවේදීත්, ඉන් පිටතදීත් අපි ඒ ගැන කතා කරනවා. මේ දත්ත පද්ධතිය මැකී යාම සම්බන්ධයෙන් දැනට පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. අත්අඩංගුවට ගත් පුද්ගලයා දත්ත පද්ධතිය ? එළි වෙනකම් මකලා තියෙන්නේ ගෙදර ඉදගෙන. එතතෙකාට මේවා කරන්න අනුබල දුන්නේ කවුද? අපි ඒ ගැන තමයි දිගටම ප්‍රශ්ණ කරනු ලැබුවේ.
මේ පිළිබද ටෙලිකොම් ආයතනයේ නිලධාරියෙක් පැමිණිලි කරල තිබෙනවා. ඒ ගැන අහපු ප්‍රශ්ණවලට අපි උත්තර ලබාදුන්නා. මේ පරීක්ෂණවලට සම්බන්ධව අත්අඩංගුවට ගත්ත පුද්ගලයා ඉල්ලා අස්වුනානම්, ඉල්ලා අස්වුනාට පස්සේ යන්නේ කොහේද කියලා හොයලා බලන්න කියලා අපි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ඉල්ලා සිටියා. මේක හා යම් ඖෂධ මාෆියාවක් අතර සම්න්ධයක් තියෙනවාද කියලා සොයා බලන්න කියලා අපි ඉල්ලා සිටියා.
ටෙලිකොම් ආයතනයේ සභාපතිවරයා හා ඖෂධ ගෙන්වන ව්‍යාපාරිකයන් අතර තියෙන සම්බන්ධතාවය විශේෂයෙන්ම ඇන්ටිජන් ගෙන්වන ව්යාපාරිකයෙන්ගේ පවුලේ සම්බන්ධතාවයක්, ලබැදියාවක් තියෙනවාද කියලා සොයන්න කියලා අපි ඉල්ලා සිටියා.
ටෙලිකොම් ආයතනය කියන දේවල් සම්බන්ධයෙන් නීතිපතිවරයා වෙත යොමු කර ඉදිරියේදී යම් යම් ක්‍රියාමාර්ග ගන්න පුලුවන්. අපේ වගකීම හා යුුතුකම වෙන්නේ හොරු අල්ලන එක. මේ මාෆියාව හෙලිදරව් කරන එක. මේ ලබැදියාවන් අතර සම්න්ධතාවයන් හරහා මේ රටේ සම්පත් කොල්ලකන එක, ඇන්ටිජන් එකෙන්, පී.සී.ආර්. එකෙන් හොරකම් කරන අය හෙළිදරව් කරන එක හෙළිදරව් කරන එක අපේ යුතුකම. වගකීම. ඒ වගකීම වෙනුවෙන් තොරතුරු හෙළිදරව් කිරීම සදහා, ජනතාවගේ අවශ්‍යතාවයන් ඉදිරිපත් කරනවා.
මේ සදහා වන තොරතුරු හෙළිදරව් කරගැනීම සදහා, මේ හොරු හැංගෙන්න නොදී හොරු නිරාවරණය කරගැනීමට තමයි අපි උත්සාහ ගන්නේ. මේ හොරු ගැන නිරාවරණය කරනවිට අපි සී.අයි.ඩී. එකට අරගෙන යනවා. සුදුළූණු වංචාව ගැන මාධ්‍යවේදීන් හෙළිදරව් කරන විට මාධ්‍යවේදීන් දඩයම් කරනවා. ඇත්ත කියන අය තමයි සී.අයි.ඩී. එකට අරගෙන යන්නේ.
හොරකම් කරන අයට, ජනතාවගේ සම්පත් මංකොල්ල කන අයට රජයේ සහාය හිමිවෙනවා. ඒක තමයි අද වෙලා තියෙන්නේ. රජයක් විදියට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව, ඇතුළු රජයේ ආයතන භාවිතා කරලා මර්දනය කරන්න හදන්නේ. ඇත්ත හෙළිදරව් වීම වැලැක්වීමට, මේ අය උත්සාහ කරනවා. මේ මර්දනය කරලා කට වහන්න හදන්නේ
පාර්ලිමේන්තුවේදී කතා කළාම ඒකට විරුද්ධව නීතිමය පියවර ගන්න බැරි නිසා, එළියේදී වචනයක් හරි කතා කළාම, ඒකට විරුද්ධව නීතිමය ක්‍රියාමාර්ග ගන්නවා. අද මාධ්‍යවේදීන්ගේ, මන්ත්‍රීවරුන්ගේ කට වැහීම තමයි මේ අයගේ අවශ්‍යතාවය වෙලා තියෙන්නේ. ඒ වෙනුවෙන් ආණ්ඩුව රාජ්‍ය යාන්ත්‍රණය යොදා ගන්නවා. රාජ්‍ය යාන්ත්‍රණය දේශපාලනීකරණය කරලා තියෙනවා.
රාජ්‍ය ආයතනය, විපක්ෂයේ මන්ත්‍රීවරු දඩයම් කිරීම වෙනුවෙන් යොදා ගැනීම නතර කරන්න කියලා අපි අවධාරණය කරනවා.
මේ වෙලාවේ කොවිඩ් තත්වයත් එක්ක පී.සී.ආර්. කට්ටල සුලබව අවශ්‍ය වෙනවා. මේ ටෙන්ඩර් යන්නේ බිලියන ගණංවලින්. මේවා ගෙන්වීමේ ඒකාධිකාරයක් ගොඩ නගාගත්තොත් අධික ලාභයක් ලබාගැනීමට හැකියාව තියෙනවා. අනිසි ලාභයක් ලබා ගැනීමට නම් ඖෂධ ගෙන්වීමේ ක්‍රියාවලියට වැඩි දෙනෙක් සම්න්ධවීමේ අවස්ථාව වලක්වා ගැනීමට සිදුවෙනවා. ඒ නිසා ඉතාමත්ම සංවිධානාත්මකව මේවා සිදුවෙලා තියෙනවා කියලා පරීක්ෂණවලදී අනාවරණය වෙලා තියෙනවා.
මේ දත්ත පද්ධතිය මකා දැමීමට අවශ්‍ය වූයේ කාටද? මේ දත්ත පද්ධතිය පිටුපස සිටින මහ මොළකරු කවුරුන්ද? මේ දත්ත මැකීමෙන් වාසියක් අත්වන්නේ කාටද? දත්ත මැකීම හරහා සිදුවන වාසිය ලබාගත් අය කවුරුන්ද කියලා සොයා බලන්න කියලා අපි දිගටම ඉල්ලා සිටිනවා.
යනුවෙන් ද සඳහන් කළා.
අත නොහැර කියවන තැන
මහජන ආරක්ෂක අමාත්‍යධුරය ෆොන්සේකාට – දුන්නොත් භාරගන්නවා ඉල්ලන්න අයිතියක් නෑ ෆොන්සේකා කියයි
ආණ්ඩුවේ ආයතනයකින් විමල්ගේ “සඳේ ගින්දර” නිවන්න හදලා – නිවන්න දෙන්නේ නෑ, වෙන තැනක සිට අවුලුවන බව කියයි – බාධා කළ අයට නීති මාර්ගයෙන් පියවර
මාධ්‍යවේදීයෙකු පැහැරගෙන ගොස් මරා දැමීමට තැත්කළ බවට සැක හිටපු හමුදා බුද්ධි නිලධාරීන් දෙදෙනෙකු අත්අඩංගුවට