දින 25 ක චන්ද්‍ර මෙහෙයුම අවසන් කරමින් ආපසු ආ ඇමෙරිකාවේ නාසා ආයතනයේ ‘ඔරායන්’ ගගන කැප්සියුලය ඊයේ (11) පැසිෆික් සාගරයට පතිත කෙරුණි.
පැයට කිලෝ මීටර් 40,000 ක වේගයකින් පෘථිවි වායුගෝලයට පිවිසී ගිනිගෙන දැවෙමින් වේගයෙන් පහළට ආ කැප්සියුලයේ ගමන් වේගය අඩාල කරමින් සෙමින් සාගරයට පතිත කිරීම සිදුවූයේ යෝධ පැරැෂූට් ආධාරයෙනි.
ඇමෙරිකන් නාවික හමුදාව කැප්සියුලය පැමිණෙන තුරු බලා සිටියේය. කැල්සියුලය යළි භාවිතයට ගැනීම සිදුවෙයි.
‘ඔරායන්’ ගගන කැප්සියුලය සඳ බලා ගියත්, සඳට ගොඩබෑවේ නැත. එය සඳුගේ කක්ෂයේ රැඳී සිටිමින් ආපසු පෘථිවිය බලා පැමිණියේය. ‘ඔරායන්’ ගගන කැප්සියුලය සඳට ගියේ ‘ආර්ටිමිස් 1‘ පුහුණු මෙහෙයුම යටතේය.
(රොයිටර්)
අත නොහැර කියවන තැන
මහජන ආරක්ෂක අමාත්‍යධුරය ෆොන්සේකාට – දුන්නොත් භාරගන්නවා ඉල්ලන්න අයිතියක් නෑ ෆොන්සේකා කියයි
ආණ්ඩුවේ ආයතනයකින් විමල්ගේ “සඳේ ගින්දර” නිවන්න හදලා – නිවන්න දෙන්නේ නෑ, වෙන තැනක සිට අවුලුවන බව කියයි – බාධා කළ අයට නීති මාර්ගයෙන් පියවර
මාධ්‍යවේදීයෙකු පැහැරගෙන ගොස් මරා දැමීමට තැත්කළ බවට සැක හිටපු හමුදා බුද්ධි නිලධාරීන් දෙදෙනෙකු අත්අඩංගුවට