Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

එළවළු මිල අහස උසට : එළවළු හිඟයක් : හේතුව ඉන්ධන හිඟයයි

වගා පාලුව වැඩිවෙයි : ප්‍රවාහනය ඇණහිටී

ඩිසල් නොමැති විමෙන් නුවරඑලියේ එලවළු වෙලදාම 60% කින් පහල බැස ඇති බව සමස්ත ලංකා ඒකාබද්ධ විශේෂි ආර්ථික මධ්‍යස්ථාන එකමුතුවේ සභාපති අරුණ ශාන්ත හෙට්ටිආරච්චි මහතා පවසනවා.

පසුගියදා (28) දින නුවරඑලියේදි විශේෂ මාධ්‍යම හමුවක් පවත්වමින් අරුණ ශාන්ත හෙට්ටිආරච්චි මහතා කියා සිටියේ තම වාහන වලට ඉන්ධන ලබා ගැනිමට නොහැකි විම හමුවේ නුවරඑලියේ එළවලු ගොවිපොලවල් වලට ගොස් එළවලු මිල දි නොගත් බවත්, නුවරඑලිය ආර්ථික මධ්‍යස්ථානයට එලවළු මිල දි ගැනිමට පිටතින් වාහන වලින්  පැමිණෙන වෙළදුන් අඩු වි ඇති බවයි.

නුවරඑලියෙන් කොළඹට එළවලු ප්‍රවාහනය කිරිම තාවකාලිකව නතර කර ඇති බවත්, ඉන්ධන අර්බුධය හමුවේ නුවරඑලිය ප්‍රදේශයේ එළවලු වගා කරන ගොවින් තම ගොවිපොලවල් වලට ජලය ඉසින ජල පොම්ප ක්‍රියාත්මක කිරිමට නොහැකි තත්ත්වයක් උද්ගත විම හමුවේ එළවලු වගාව හානි සිදු වි ඇති බවත් ඔහු පෙන්වා දෙනවා.

පවත්නා තත්ත්වය සම්බන්ධයෙන් කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද  අලුත්ගමගේ , අමාත්‍ය සි.බි.රත්නායක සහ නුවරඑලිය දිස්ත්‍රික් ලේකම් නන්දන ගලබොඩ යන මහතුන් ද දැනුවත් කල බව අරුණ ශාන්ත හෙට්ටිආරච්චි මහතා පවසනවා.

එලවළු ගොවින්ගෙන් නොගැනිම හේතුවෙන් නුවරඑලිය ආර්ථික මධ්‍යස්ථානයේ වෙලදසැල් රැසක් වසා දමා තිබුණි.

මේ අතර නුවරඑලිය නගරයේ පිහිටි සිපෙට්කෝ ඉන්ධන පිරවුම්හලෙන් සිමිති ඉන්ධන ප්‍රමාණයක් වාහන වලට ලබාදිම හමුවේ එම ඉන්ධන පිරවුම්හලේ සිට නානුඔය බ්ලැක්ෆෘල් මංසන්ධිය දක්වා කිලෝමිටර් 03 දුරට දිගු වාහන පොලිම් දක්නට තිබු අතර , පවත්නා තත්ත්වය මත ඉන්ධන පිරවුම්හල් අසල රථ වාහන පාලනයට පොලිස් නිලධාරින් රාජකාරි සදහා යොදවා තිබු ආකාරය දක්නට තිබුණා.

පවතින තත්වය හමුවේ නුවරඑළියේ සිට එළවළු බෙදාහැරීමේ කාර්යය ඇනහිටීම හමුවේ ඉදිරි දින කිහිපය තුළ එළවළු මිල සීඝ්‍රයෙන් ඉහළ යනු ඇති බවයි පැවසෙන්නේ.

එළවළු සඳහා ජලය ඉසින පොම්ප ආදිය නිසි අයුරින් ක්‍රියාත්මක කිරීමට නොහැකි වුව හොත් තත්ත්වය තවදුරටත් උත්සන්න විය හැකි බව නුවරඑළිය එළවළු ගොවීන් පෙන්වා දෙනවා.

එළවළු වගාව සඳහා නිසි අයුරින් පොහොර නොලැබීමේ අර්බුදය හමුවේ අසරණව සිටි ගොවීන් මේ වන විට ඉන්ධන අර්බුදය හමුවේ ද බරපතළ ගැටලුවලට මුහුණ පා සිටිනවා.

© හැටන් රංජිත් රාජපක්ෂ

About The Author