Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

එන්නත්කරණය සෞඛ්‍ය අංශයේ වැඩක්, ඒකට අපි අත දාන්නේ නෑ – ඇමති නාමල් කියයි

එන්නත් නොලැබීම අපේ පාලනයෙන් තොරයි – නි.සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කියයි

ජනතාව එන්නත්කරණය කිරීමේ ක්‍රියාවලිය සෞඛ්‍ය අංශයේ කටයුත්තක් බවත් ඒ සඳහා දේශපාලන මැදිහත්වීමක් සිදු නොකරන බවත් අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පවසනවා.

පෙන්වා දෙන්නේ ඇතැම් කණ්ඩායම් විවිධ අභූත චෝදනා සිදු කරමින් වැඩපිළිවෙළ පිළිබඳව ජනතාව තුළ අසත්‍ය තොරතුරු නිර්මාණය කිරීමට උත්සාහ දරණ බවයි.

කෙසේ වෙතත් ඇතැම් ප්‍රදේශවල පුද්ගලයින්ට එන්නත් නොලැබීම පිළිබඳ මාධ්‍යවේදීන් නි. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතාගෙන් ප්‍රශ්න කලා.

එහිදී ඔහු සඳහන් කළේ එන්නත් ලැබීම හෝ නොලැබීම යන්න සෞඛ්‍ය අමාත්‍යාංශයේ පාලනයෙන් තොරව පවතින බවත් ඒ සම්බන්ධයෙන් අවිනිශ්චිතතාවයක් පවතින බවත් ඔහු සඳහන් කළා.

About The Author