පාදෙණිය මැතිසඳ ඔයා අපිට විහිළු කරනවද ?
ශ්‍රී ලංකාව තුළ කොරෝනා එන්නත් කරනුයේ දී ලෝක සෞඛ්‍ය සංවිධානය ලබා දී ඇති නිර්දේශ නොසලකා හරිමින් යයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පෙන්වාදෙනවා.
අසාධ්‍ය රෝගීන් සංඛ්‍යාව අඩු කර ගැනීම, මරණ අඩු කර ගැනීම, රෝහල්ගත වීම අඩු කරගැනීම සඳහා වන උපායමාර්ගයන් අනුගමනය කළ යුතු බව ලෝක සෞඛ්‍ය සංවිධානය තදින් පෙන්වා දී ඇතත් ඒවා ක්‍රියාත්මක නොවීම වසංගතය මර්දනය කිරීමට බලවත් තර්ජනයක් වී ඇතැයි සංගමය සභාපති වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතා සඳහන් කරනවා.
ඔහු මේ බව පෙන්වා දී ඇත්තේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සමඟ එම සංගමය පැවති සාකච්ඡාවකදීය.
මෙරට එන්නත් කරණයේ දී වෛරසය මතුව ස්ථානවලට මුල්තැනක් නොදීම, දේශපාලන මැදිහත්වීම සිදු වීම, බෝ නොවන රෝග ඇති අයට ප්‍රමුඛතාව ලබා නොදීම වැනි හේතු මත එන්නත් ලබාදීමේ ඵලදායීතාවය අඩුවිය එහිදී ඔහු පෙන්වාදී ඇති බවයි වාර්තාවන්නේ.
මෙරට ජනගහනයෙන් 70%කට එන්නත ලබා දිය යුතු ඇති බවද පෙන්වාදුන් ඒ මහතා සඳහන් කළේය.
එන්නත්කරණයේ සුජාත බව ප්‍රශ්න කරන්නට පාදෙණියට අයිතියක් තිබේ ද?
කෙසේ වෙතත් මෙරට එන්නත්කරණ ක්‍රියාවලිය අවුල් වියවුල් කර දමා වෛද්‍ය ආචාර ධර්ම පවා කුණු කුඩයට දැමු රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ දොස්තර මහත්වරුන්ගේ එන්නත් ජාවාරම කරලියට එන්නේ දෙවන මාත්‍රාව ලබා ගැනීම සඳහා තම නැසිය හිත මිතුරන් පෙළ ගස්වන විටය.
ඒ අනුව පළමු මාත්‍රාව කාටත් හොරා තම තමන්ගේ හිතවතුන්ට ලබා දෙමින් ඔවුන් සිදු කළ පහත් ක්‍රියාවද එළියට ආවේය.
ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශ පවා තුට්ටුවකට මායිම් නොකරන පාදෙණිය දොස්තර කණ්ඩායම ජනාධිපතිවරයා හමුවට ගොස් එන්නත්කරණයේ සුජාත බව සාකච්ඡා කිරීම තරම් විහිළුවක් තවත් තිබේද? යන්න ජනතාවගේ ප්රශ්නයයි.
අත නොහැර කියවන තැන
පොලිස්පතිව හොයාගන්න බැරි රටේ අපරාධකරුවන් හොයාගන්නේ කොහොමද? – දේශබන්දු අතුරුදන්
ගිහිල්ලා මහ බැංකුව වට කරන්න ජනාධිපති උපදේශකයෙකු කියලා
ජල පිරිපහදුවට ගෙන්වූ ‘ලයිම්’ වල ක්‍රෝමියම් වැඩියි.. පිළිකා ඇතිවීමේ අනතුරක්..?