Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

එකපාරක් කොවිඩ් හැදිලා දෙවෙනි පාරත් හැදුනම මැරෙනවද අහන අයට ඔහු කියා දුන් පාඩම

කොරෝනා වෛරසය ආසාධිතව ප්‍රතිකාර ලබමින් සිටි ලක්සල සහ සළුසල ආයතනයේ සභාපති ප්‍රදීප් ගුණවර්ධන මහතා අභාවප්‍රාප්ත වූ පුවත සමාජ මාධ්‍ය ජාල සහ ප්‍රවෘත්ති ඔස්සේ වේගයෙන් ව්‍යාප්ත වුණා.

ආයතන රැසක තනතුරු රැසක් ද හොබව ඇති ඒ මහතා පක්ෂ විපක්ෂ කා අතරත් හොද හිත දින ගෙන සිටි පුද්ගලයෙකු බවද කියවෙනවා.

ඔහුගේ අකල් මරණය සමගින් ඔහු සමජයට කියා දෙන පණිවිඩය මේ මොහොතේ හොදින් අවබෝධ කර ගැනීම වඩා වැදගත්.

ඒ ඔහු මිය යන්නේ දෙවැනි වරට කොරෝනා අසාදනය වීම හේතුවෙන්.

2020 වසරේදී ද ඔහුට කොරෝනා අසාදනය වී ඇති අතර ඔහු ඉන් සුවය ලබා තිබෙනවා.

මෙම වසරේ දී ඔඋට නැවතත් කොරෝනා අසාදනය වී ඇති අතර ඔහු මිය යන්නේ එහි බලපෑම හේතුවෙන්.

ඔහු අපෙන් සමු ගන්නේ අතිශයින් වැදගත් පාඩමක් අපට කියා දෙමින්.

ආණ්ඩුවේ සංඛ්‍යා ලේඛන වලට අනුව මේ දක්වා කොරෝනා ආසාදනය වී සුවය ලැබූ පුද්ගලයින් ගණන අදවන විට 119 629 කි.

බොහෝ දෙනෙකු සිතා සිටින්නේ කොරෝනා වරක් වැළඳී සුව නැවත වැළඳෙන්නේ නෑ කියාය.

එන්නත් ලබා ගත පසු සියල්ල හරි බවද සමහරුන්ගේ අදහසයි.

නමුත් කොරෝනා එහෙම මට්ටුවෙන ලෙඩක් නොවන බව දැන් ඉතා පැහැදිලිය.

අප අතරින් අකාලයේ වෙන් වී ගිය ප්‍රදීප් ගුණවර්ධන මහතා පමණක් නොව අප, ඔබ දන්නා හිතවතුන්, නෑ සිය මිතුරන් එකිනෙකා අපෙන් සමුගනිමින් සිටි.

ප්‍රවේශම් වෙමු. කොරෝනාව මට්ටු කළ හැක්කේ නිසි සෞඛ්‍ය පුරුදු නුව කටයුතු කොට ප්‍රවේශම් වීමන් පමණි.

About The Author