Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

උදේ එකක් කියා රෑට තව එකක් කියන ගම්මන්පිලගේ දේශපාලනය, අගමැති පිස්සුද ඇහුවේ ගම්මන්පිලගෙන් – කරළිය උණුසුම් වෙයි

ඉන්දියාව සතු ත්‍රිකුණාමලය තෙල් ටැංකි සංකීර්ණයේ අයිතිය නොබෝ දිනකින් ම ශ්‍රී ලංකවට හිමිවන බව පසුගිය 17 වනදා බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා රටට හෙළිකළා.

එයට ප්‍රතිචාර දැක්වූ ඉන්දියාව සඳහන් කළේ එවැනි කිසිදු එකඟතාවයකට ඉන්දීය රජය නොපැමිණි බවයි.

පසුව උදය ගම්මන්පිල මහතාද පැවසුවේ තමන් කිසි ලෙසකින් එවැනි ප්‍රකාශයක් සිදු නොකළ බව සහ තම කතාව විකෘති කරමින් පලකර ඇති බවයි.

කෙසේ වෙතත් මේ වන විට ඔහුගේ මෙම පරස්පර ප්‍රකාශයන් සම්බන්ධයෙන් දැඩි කතබහක් නිර්මණය වී ඇති අතර පසුගියදා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගෙන් මේ පිළිබඳ මාධ්‍ය මගින් ප්‍රශ්න කළ අවස්ථවේදී ” පිස්සු ” යනුවෙන් ප්‍රතිචර දක්වා ඔහු එම ස්ත්නයෙන් පිටව ගියා.

මේ වන විට මෙම සිද්ධිය දේශපාලන වේදිකාවේ නව මාතෘකාවක් බවට පත්වී ඇති අතර අදත් දේශපාලන වේදිකාවේ මේ පිළිබඳ අදහස් පළවුණා.

About The Author