රුපියල මස්තබලදු වී කුල්ල කුජීතු වෙලා
2021 වසර ආරම්භයේ ජනවාරි මස කොළඹ පාරිභෝගික මිල දර්ශකයේ වැඩිවීම් අනුපාතය 3.0%ක් වී තිබූ අතර එය නොවැම්බර් මස අවසන් වනවිට 9.9%ක් දක්වා තුන්ගුණය ඉක්මවා ගිය වැඩි වීමක් සිදුවී මහ බැංකු වාර්තාවකින් අනාවරණය කර තිබෙනවා.
ශ්‍රී ලංකා මහ බැංකුව නොවැම්බර් 30 වෙනි දින නිකුත් කර තිබෙන නිවේදනයකින් මේ බව හෙළි වන අතර ජනවාරි මාසයේ 3.0%ක තිබූ උද්ධමනය අප්‍රේල් මස අවසන්වනවිට 3.9% දක්වා උච්ඡාවචනයන්ට යටත්ව ඉහළ ගොස් තිබෙනවා.
නමුත් අප්‍රේල් මාසයෙන් පසුව එය අඛණ්ඩව ඉහළ යමින් 9.9% දක්වා අගයකට පැමිණ ඇති අතර මෙය උද්ධමනය තුන් ගුණයකින් වර්ධනය වීමක්.
මේ සඳහා මුලික හේතු කිහිපයක් හඳුනාගෙන ඇති අතර ප්‍රධාන වශයෙන්ම අතිවිශාල මුදල් ප්‍රමාණයක් අච්චු ගසා වෙළඳපොළට නිකුත් කිරීම, රුපියල කඩා වැටීම සහ භාණ්ඩ හිගය යන මූලික කරුණු පදනම් වී ඇති බව ආර්ථික විශ්ලේෂකයන් පෙන්වා දෙනවා.
අත නොහැර කියවන තැන
ජනාධිපති අනුර කුමාර දිසානායක ජාතිය අමතා සිදු කළ විශේෂ ප්‍රකාශය
රට අනුරට යයි – අනුර ජනපති පුටුවට එයි
සෙනඟ 3000 ක පැකේජයක් ලක්ෂ 45 – පක්ෂයේ පාටින් ඇඳුම් අන්දා එවයි