උඩරට දුම්රිය මාර්ගයේ ධාවන කටයුතු අද (19) නානුඔය දක්වා සීමා කර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.
ඒ ඉදල්ගස්හින්න සහ ඔහිය අතර මාර්ගයට පස් කන්දක් කඩා වැටීමෙන් රාත්‍රී තැපැල් දුම්රිය පීලිපැනීමට ලක්වීම හේතුවෙනි.
උඩරට මාර්ගයේ පිලී පැනීම හේතුවෙන් බදුල්ල – කොළඹ දුම්රිය ගමන් වාර දෙකක් අවලංගු කර තිබේ.
මේ වනවිටත් එම ප්‍රදේශයට තද වැසි ඇදහැලෙමින් තිබුණත් දුම්රිය මාර්ගය යථා තත්ත්වට පත් කිරීමට අද දිනය තුළ හැකිවනු ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.
මේ අතර, ඊයේ දින උදෑසන මහනුවර සිට බදුල්ල බලා ධාවනය වූ දුම්රියක් ද ඔහිය දුම්රිය ස්ථානයේ දී පිලි පැනීමකට ලක්විය.





අත නොහැර කියවන තැන
පොලිසිය මාධ්‍යවේදියාගෙන් සමාව ගනී..
ගාල්ල මහ නගර සභාවේ උණුසුම් තත්ත්වයක්
“ඉවත් වෙනු” තිබුණත්, මෙරට අයිස් මත්ද්‍රව්‍ය භාවිතය ඉහළට