දියතලාව ප්‍රදේශයේදී දුම්රිය මාර්ගයට පස් කන්දක් කඩා වැටී තිබේ.
ඒ හේතුවෙන් උඩරට දුම්රිය ගමනාගමනයට බාධා එල්ලවී ඇත.
දියතලාව දුම්රිය ස්ථානය ආසන්නයේ දුම්රිය මාර්ගයට පස් සහ ගල් පෙරළීම හේතුවෙන් උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවන කටයුතු මේ වනවිට තාවකාලිකව නතර වී ඇති බවද වැඩිදුරටත් වාර්තාවෙයි.
දුම්රිය මාර්ගයට පස් සහ ගල් පෙරළී ඇති බව නොදුටු දුම්රිය රියදුරා දුම්රිය ඉදිරියට ධාවනය කර ඇති අතර එහිදී දුම්රිය සිරවී ඇති බවද වාර්තා වෙයි.





අත නොහැර කියවන තැන
බංග්ලාදේශයට ප්‍රබල භූ කම්පනයක්
කෝටි 400ක මත්ද්‍රව්‍ය තොගයට සජබ පළාත් පාලන අපේක්ෂකයෙක් අල්ලයි
මුහුදෙන් ඇල්ලූ යාත්‍රාවේ මත්ද්‍රව්‍ය කිලෝ 376කට වැඩි ප්‍රමාණයක්