ලංකාවේ කිසිඳු ආහාර හිඟයක් ඇති වන්නේ නැහැ
ශ්‍රී ලංකාවේ කිසිම ආහාර හිඟයක් ඇති නොවන බව වගකීමෙන් පවසන්නේ යැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසනවා.
යල මහ කන්නවල වී වගාවෙන් සහල් මෙට්‍රික් ටොන් මිලියන 3.3 ක් ලැබීමට නියමිතව ඇති බවත් ජාතික අවශ්‍යතාවය සහල් මෙට්‍රික් ටොන් මිලියන 2.2 ක් බවද අලුත්ගමගේ මහතා සඳහන් කිරීම විශේෂත්වයක්.
මහ කන්නයේ පළමු හරිත අස්වැන්න ශ්‍රී මහා බෝධියට පිදීමේ මාවතගම ගොවිජන සේවා බල ප්‍රදේශයේ හරිත අගසස් මංගල්‍ය උත්සවයේ දී කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා අදහස් පළකලා.
බය නැතිව පරිසර හිතකාමී කාබනික පොහොර ලබන කන්නයේදී පාවිච්චි කරන්නැයි ද ගොවීන්ට පවසන බව කී අලුත්ගමගේ මහතා කලට වේලාවට පොහොර භාවිතා කළහොත් නිෂ්පාදනයේ කිසිම අඩුවක් නොමැති වන බවද සහතික කර තිබෙනවා.


අත නොහැර කියවන තැන
පොලිසිය මාධ්‍යවේදියාගෙන් සමාව ගනී..
ගාල්ල මහ නගර සභාවේ උණුසුම් තත්ත්වයක්
“ඉවත් වෙනු” තිබුණත්, මෙරට අයිස් මත්ද්‍රව්‍ය භාවිතය ඉහළට